ත්‍රිවිධ හමුදාවේ ජේ‍යෂ්ඨ නිලධාරීන් 50කට විශිෂ්ට සේවා විභූෂණ පදක්කම්

  👤  3940 readers have read this article !
By mawbima 2018-05-22

චාමර අමරසූරිය

ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු ත්‍රිවිධ හමුදා ජේ‍යෂ්ඨ නිලධාරීන් 50 දෙනකුගේ සේවය අගය කරමින් විශිෂ්ට සේවා විභූෂණ පදක්කම් (ඍඉඍ) පිරිනැමීම සේනාධිනායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

ආරක්‍ෂක අමාත්‍ය, ජනාධිපති ලේකම්, ආරක්‍ෂක ලේකම්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, ත්‍රිවිධ හමුදාපතිවරු සහ අනෙකුත් සම්භාවනීය ආරාධිතයන් මධ්‍යයේ ජනාධිපතිවරයා විසින් විසිපස් වර්ෂයකට නොඅඩු කැපීපෙනෙන සහ නොකැළැල් සේවා කාලයක් සම්පූර්ණ කළ ත්‍රිවිධ හමුදා ජේ‍යෂ්ඨ නිලධාරීන් හට විශිෂ්ට සේවා විභූෂණ පදක්කම් පිරිනමනු ලැබීය. මෙම පදක්කම නිලධාරියකු සිය හමුදා ජීවිතය තුළ ලැබිය හැකි උතුම් පදක්කමක් වන අතර මෙය සිය සේවය ඇගැයූ උපහාරයක්ද වේ.

සන්නද්ධ හමුදා සේනාධිනායක ජනාධිපති විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාපති ඇතුළු යුද්ධ නිලධාරීන් 25ක්, නාවික හමුදාපති ඇතුළු නාවික හමුදා නිලධාරීන් 23ක් සහ ගුවන් හමුදාපති ඇතුළු ගුවන් හමුදා නිලධාරීන් 2ක් වෙත විශිෂ්ට සේවා විභූෂණ පදක්කම් පිරිනැමීය. පදක්කම් ලාභීන්ගේ නාම ලේඛනය මෙසේය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, මේජර් ජෙනරාල් ඩබ්ලිව්.බී.ඩී.පී. ප්‍රනාන්දු, මේජර් ජෙනරාල් ඒ. කාරියකරවන, මේජර් ජෙනරාල් ජී.ආර්.එච්. ඩයස්, මේජර් ජෙනරාල් ඩී.ඩී.යූ.කේ. හෙට්ටිආරච්චි, මේජර් ජෙනරාල් එල්.එච්.එස්.සී. සිල්වා, මේජර් ජෙනරාල් එම්.කේ.ඩී. පෙරේරා, මේජර් ජෙනරාල් සී.පී. ගාල්ලගේ, ලුතිනන් ජෙනරාල් එම්.සී.එම්.පී. සමරසිංහ (විශ්‍රාමික), මේජර් ජෙනරාල් ඩී.එම්.ඩී. අල්විස් (විශ්‍රාමික), මේජර් ජෙනරාල් එස්.එම්.ඒ.ඩබ්ලිව්.බී. පාදෙණිය (විශ්‍රාමික), මේජර් ජෙනරාල් ජී.එස්. පදුමදාස (විශ්‍රාමික), මේජර් ජෙනරාල් ජී.පී.ආර්. ද සිල්වා (විශ්‍රාමික), මේජර් ජෙනරාල් එල්.ඒ.ඩී. අමරතුංග (විශ්‍රාමික), මේජර් ජෙනරාල් බී.ඒ. පෙරේරා (විශ්‍රාමික), මේජර් ජෙනරාල් ටී.එන්. ජයසූරිය (විශ්‍රාමික), මේජර් ජෙනරාල් කේ.එම්.යූ. විජේරත්න (විශ්‍රාමික), මේජර් ජෙනරාල් ඒ.කේ.පී. වික්‍රමසිංහ (විශ්‍රාමික),

මේජර් ජෙනරාල් කේ.ආර්.පී. රෝවෙල් (විශ්‍රාමික), මේජර් ජෙනරාල් ඒ.එස්. ද ඉසෙඩ් වික්‍රමරත්න (විශ්‍රාමික), මේජර් ජෙනරාල් සී.කේ. රාජපක්‍ෂ (විශ්‍රාමික), මේජර් ජෙනරාල් සී.පී. පක්‍ෂවීර (විශ්‍රාමික), මේජර් ජෙනරාල් පී.ඩබ්ලිව්.බී. ජයසුන්දර (විශ්‍රාමික), මේජර් ජෙනරාල් ඩී.එස්.එන්.කේ. සේනාධීර (විශ්‍රාමික).

ශ්‍රී ලංකා නාවික හමුදාව

නාවික හමුදාපති වයිස් අද්මිරාල් එස්.එස්. රණසිංහ, රියර් අද්මිරාල් එන්.බී.ජේ. රොසයිරෝ, රියර් අද්මිරාල් කේ.කේ.වී.පී.එච්. ද සිල්වා, රියර් අද්මිරාල් ඩී.එම්.බී. වෑත්තෑව, රියර් අද්මිරාල් ජේ.ජේ. රණසිංහ, රියර් අද්මිරාල් ජී.ඩී.ඒ.එස්. විමලතුංග, රියර් අද්මිරාල් ඩී.එන්.එස්. උළුගේතැන්න, අද්මිරාල් ටී.ජේ.එල්. සින්නයියා (විශ්‍රාමික), රියර් අද්මිරාල් ජේ.ඩී. අමරනායක (විශ්‍රාමික), රියර් අද්මිරාල් ඩබ්ලිව්.එම්.පී.එල්. වීරසිංහ (විශ්‍රාමික), රියර් අද්මිරාල් එම්.ඒ. ආනන්ද (විශ්‍රාමික), රියර් අද්මිරාල් එම්.යූ.කේ.වී. බණ්ඩාර (විශ්‍රාමික), රියර් අද්මිරාල් එස්. ජයකොඩි (විශ්‍රාමික), රියර් අද්මිරාල් ඩී.ඊ.සී. ජයකොඩි (විශ්‍රාමික), රියර් අද්මිරාල් ඩබ්ලිව්.එම්.ඒ.වී. ප්‍රනාන්දු (විශ්‍රාමික), රියර් අද්මිරාල් ජේ.ඒ.ඩී.ඒ. පෙරේරා (විශ්‍රාමික), රියර් අද්මිරාල් ඩී.එම්.එස්. දිසානායක (විශ්‍රාමික), රියර් අද්මිරාල් එන්.කේ.ඩී. නානායක්කාර (විශ්‍රාමික), රියර් අද්මිරාල් ඩී.සී. ගුණවර්ධන (විශ්‍රාමික), රියර් අද්මිරාල් කේ.කේ.ජේ. ද සිල්වා (විශ්‍රාමික), රියර් අද්මිරාල් එස්.ඩබ්ලිව්.සී. මොහොට්ටි (විශ්‍රාමික), රියර් අද්මිරාල් සී.ආර්. කුලසේකර (විශ්‍රාමික), රියර් අද්මිරාල් පී.එම්.එන්.ඩී. ප්‍රනාන්දු (විශ්‍රාමික).

ශ්‍රී ලංකා ගුවන් හමුදාව

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති, එයාර් වයිස් මාර්ෂල් එම්.එල්.කේ. පෙරේරා (විශ්‍රාමික).

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon