කොස්තාපල්ට වෙඩි තබා ඝාතනය කළ බවට චෝදනා ලැබූ සිවිල් ආරක්ෂක සෙබළා අද තෙක් රිමාන්ඩ්

  👤  3929 readers have read this article !
By mawbima 2018-05-22

අනුරාධපුර - මහේෂ් විජේසූරිය

පොලිස් කොස්තාපල්වරයකුට වෙඩි තබා ඝාතනය කළ බවට චෝදනා ලැබූ සිවිල් ආරක්ෂක බළකායේ සෙබළකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (22දා) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කැබිතිගොල්ලෑව වැඩ බලන මහෙස්ත්‍රාත් ටි්‍රලිෂියා දිසානායක මහත්මිය නියෝග කළාය. මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ හොරොව්පොතාන - දුටුවැව සිවිල් ආරක්ෂක අනු කලාපයට අනුයුක්තව සේවයේ නියුතු වූ දුටුවැව හොරොව්පොතාන ලිපිනයේ පදිංචි සමරසිංහ මුදියන්සේලාගේ විපුලසේන (38) යන අයයි. සැකකරු අතවූ බෝර 12 වර්ගයේ ගිනි අවිය පත්තුවීමෙන් මරණයට පත්වූයේ හොරොව්පොතාන පොලිසියට අනුයුක්තව වාගොල්ලාකඩ පොලිස් මුරපොළේ සේවයේ නිරත වූ පොලිස් කොස්්තාපල් ජයරත්නගේ සුසන්ත ජයරත්න (68918) යන අයයි. සැකකාර සිවිල් ආරක්ෂක බළකා සෙබළා හා මරණයට පත්වූ පොලිස් කොස්තාපල්වරයා හොරොව්පොතාන - වාගොල්ලාකඩ පිහිටි පොලිස් මුර පොළෙහි සේවය කර ඇති බවත් මුරපොළට මීටර් 700ක් පමණ අෑතින්වූ කැලෑබද ප්‍රදේශයේදී වෙඩි වැදීම සිදුවී තිබෙන බවත් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

සැකකාර සිවිල් ආරක්ෂක සෙබළා පරීක්ෂණ පවත්වන පොලිසියට පවසා තිබුණේ මුරපොළ ආසන්නයට පැමිණි වන අලියකු එළවා දැමීමට ගිනි අවිය භාවිත කළ අවස්ථාවේ අත් වැරැදීමකින් එය ක්‍රියත්මක වූ බවයි.

සැකකරු භාවිත කළ ගිනි අවිය පොලිසිය විසින් නඩු භාණ්ඩයක් වශයෙන් අත්අඩංගුවට ගත් බව පොලිසිය අධිකරණයට පැවැසුවේය. පොලිස් කොස්තාපල්වරයාගේ උදරයට මූනිස්සම් පහක් ඇතුළුවී තිබෙන බව අනුරාධපුර ශික්ෂණ රෝලහලේ අධිකරණ වෛද්‍යවරයා පැවැත්වූ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ ස¼දහන්ව ඇතැයි පොලිසිය අධිකරණයට පැවැසුවේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon