සංවාදය ඇතුළත් ජංගම දුරකථන 2ක් රජයේ රස පරීක්ෂකට යැව්වා

  👤  3836 readers have read this article !
By mawbima 2018-05-22

අමිල අබේරත්න

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පත්කළ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ පරීක්ෂා කිරීම සහ විමර්ශන කිරීම සඳහා පත්කළ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දුන් ඊස්ට් වෙස්ට් ප්‍රොපටීස් සමාගමේ අධ්‍යක්ෂිකා අනිකා විජේසූරිය යන අයට ජංගම දුරකථනය ඔස්සේ මරණීය තර්ජනය කළැයි කියන සිද්ධියට අදාළ විෂයගත සංවාදය ඇතුළත් ජංගම දුරකථන 2ක් රජයේ රස පරීක්ෂකවරයාට යවා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ පසුගියදා (20දා) දැනුම් දුන්නේය.

පටිගත වූ කටහඬ තීරණය කිරීම සඳහා පැමිණිලිකරු සහ විත්තිකරු කටහඬ පරීක්ෂණයක් සඳහා රස පරීක්ෂක කාර්යාලයට යොමු කළ යුතු බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරියා දැනුම් දෙනු ලැබුවේය.

එය සලකා බැලූ කොටුව මහෙස්ත්‍රාත්වරිය විත්තිකරු වන ශානිල් නෙත්තිකුමාර සහ පැමිණිලිකරු වන විජිත විජේසූරිය යන අයට අධිකරණයේ පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කළාය.

ශානිල් නෙත්තිකුමාර යන අය විසින් තම ජංගම දුරකථනයට බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පත්කළ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ පරීක්ෂා කිරීම යන විමර්ශනය කිරීම සඳහා කොමිසමට සාක්ෂි දීම සම්බන්ධයෙන් මරණීය තර්ජනය එල්ල කළේ යැයි අනිකා විජේසූරිය යන අයගේ සහෝදරයා වන විජිත විජේසූරිය යන අය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලකට අනුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කොට ඇත.

ඊස්ට් වෙස්ට් ප්‍රොපටීස් සමාගමේ අධ්‍යක්ෂිකා අනිකා විජේසූරියට අයත් කොළඹ 'මොනාච්' රෙසිඩන්සීස් නිවාස සංකීර්ණයේ නිවෙසක් කුලියට ගැනීම සදහා හිටපු අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු ඔහුගේ පවුලට පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු ලෙස සැලකෙන දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින අර්ජුන් ඇලෝසියස් විසින් රුපියල් මිලියන 1.4ක මුදලක් ගෙවීම සහ ඒ සඳහා බදු වශයෙන් රුපියල් මිලියන 7.3ක මුදලක් අර්ජුන් ඇලෝසියස් යන අයට අයත් පර්පචුවල් කැපිටල් හෝල්ඩින්ග්ස් නමැති ආයතනයෙන් ගෙවීම පිළිබඳ සිද්ධියකට අදාළව අනිකා විජේසූරිය යන අය විසින් ජනාධිපති බැඳුම්කර කොමිසම ඉදිරියේ සාක්ෂි දෙනු ලැබිණි.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon