භාරකාරයන් නොපැමිණි නිසා රගර් ක්‍රීඩකයාගේ දේහය තානාපති කාර්යාලයට භාර දෙන්න කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න

  👤  3853 readers have read this article !
By mawbima 2018-05-22

අමිල අබේරත්න

කොළඹ සී.ආර්.එෆ්.සී. රගර් කණ්ඩායම සහ ශ්‍රී ලංකා නේවි රගර් කණ්ඩායම සමඟ සුහද රග්බි තරගාවලියක් සඳහා මෙරටට පැමිණි "ඛ්තඥථඵ ර්ථීඪපචබඥඵ අභඨඡර" නමැති බි්‍රතාන්‍ය රග්බි කණ්ඩායමේ මියගිය බි්‍රතාන්‍ය ජාතික තෝමස් ඇන්ඩෘෘ නෝවර්ඩ් (25) නමැති ක්‍රීඩකයාගේ දේහය බි්‍රතාන්‍ය තානාපති කාර්යාලයට භාරදෙන ලෙස පසුගිය සිකුරාදා (18දා) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළාය.

මියගිය ක්‍රීඩකයාගේ දේහය භාර ගැනීම සඳහා ඔහුගේ ඥාතීන් මෙරටට පැමිණ නොසිටි අතර එම හේතුව මත ඔහුගේ දේහය බි්‍රතාන්‍යයට රැගෙන යෑම සඳහා මහෙස්ත්‍රාත්වරිය එලෙස බි්‍රතාන්‍ය තානාපති කාර්යාලයට භාර දෙන ලෙසට නියෝග නිකුත් කළාය.

ඒ අනුව පසුගිය සිකුරාදා (18දා) ගුවන් මඟින් ඔහුගේ දේහය මවු රට වන බි්‍රතාන්‍යයට ගෙන යෑමට නියමිතව තිබිණි.

මියගිය අනෙක් රගර් ක්‍රීඩකයන් වන වෙටී තෝමස් රීඩ් (26දා) යන අයගේ දේහය ඔහුගේ පියා වන වැටී පෝල් යන අයට භාරදෙන ලෙස කොටුව මහෙස්ත්‍රාත්වරිය ඉකුත් 16 වැනිදා නියෝග කර සිටි අතර ඔහුගේ දේහය භාර ගැනීමට පියා වන වැටී පෝල් යන අය මෙරටට පැමිණ සිටි අතර සිද්ධිය සම්බන්ධයෙන් මරණ පරීක්‍ෂණයේ සාක්කි ලබාදීම සඳහා ඉකුත් 16 වැනිදා අධිකරණයට ඉදිරිපත් වී ඇත. ක්‍රීඩකයන් දෙදෙනාගේ මරණ සම්බන්ධයෙන් ක්‍රීඩකයන් පස් දෙනකු ඉකුත් 16 වැනිදා අධිකරණයේ මරණ පරීක්‍ෂණයේ සාක්කි ලබාදුන් අතර ඔවුන් සාක්කි ලබාදෙමින් අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ ක්‍රීඩකයන් දෙදෙනා රෝහලට ඇතුළත් කිරීමට පෙර අසාධ්‍ය තත්ත්වයේ සිටි බවයි.

ඉකුත් 10 වැනිදා අදාළ එංගලන්ත රග්බි කණ්ඩායමේ ක්‍රීඩකයන් 22 දෙනකු සුහද රග්බි තරගාවලිය සඳහා මෙරටට පැමිණ සිටි අතර තරගාවලිය පැවැත්වූ දින වන ඉකුත් 12 වැනිදාට පසුදින වන ඉකුත් 13 වැනිදා ක්‍රීඩකයන් දෙදෙනා අසාධ්‍ය තත්ත්වයෙන් සිටියදී මෙරට පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබූ අතර තෝමස් ඇන්ඩෘෘ නෝවර්ඩ් යන ක්‍රීඩකයා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් 13 වැනිදා දහවල් ද අනෙක් ක්‍රීඩකයා වන වෙටී තෝමස් රීඩ් යන ක්‍රීඩකයා ඉකුත් 15 වැනිදා මියගොස් තිබිණි.

බි්‍රතාන්‍ය රගර් කණ්ඩායමේ ක්‍රීඩකයන් පස් දෙනකු මරණ පරීක්‍ෂණයේදී සාක්කි දෙමින් ප්‍රකාශ කර සිටියේ තරගාවලියට සහභාගි වීමට පෙර මියගිය ක්‍රීඩකයන් දෙදෙනාට කිසිදු රෝගයක් නොතිබුණු බව සහ සී.ආර්.එෆ්.සී. රගර් කණ්ඩායම සමඟ පැවැති රගර් තරගය අතරතුරදී ඔවුන් දෙදෙනාට කිසිදු අනතුරක් සිදු නොවුණු බවයි.

සී.ආර්.එෆ්.සී. රගර් කණ්ඩායම සමඟ පැවැති තරගය තම කණ්ඩායම ලකුණු 1කින් ජයග්‍රහණය කළ බව ද එය සැමරීම සඳහා සී.ආර්.එෆ්.සී. ක්‍රීඩා සමාජය රාත්‍රි භෝජන සංග්‍රහයක් සහ මත්පැන් සාදයක් පිළියෙල කර තිබූ බව ද තම කණ්ඩායමේ සියලු සාමාජිකයන් එයට සහභාගි වී බියර් පානය කළ බව ද ඉන් පසු ජයග්‍රහණය සැමරීම සඳහා තම කණ්ඩායම නැවතී සිටි කොළඹ කිංග්ස්බරි හෝටලයට යෑමෙන් පසු කණ්ඩායමේ සියලුම දෙනා රාත්‍රියේ කොල්ලුපිටිය ක්ලියෝ පැට්රා සමාජ ශාලාවට ගොස් බියර් පානය කරමින් විනෝද වූ බව ද කීවේය. ක්ලියෝ පැට්රා සමාජ ශාලාවෙන් පිට වී මධ්‍යම රාත්‍රියේ නැවත කිංග්ස්්බරි හෝටලය වෙත පැමිණි බවද හෝටලයට පැමිණි පසු ක්‍රීඩකයන් දෙදෙනා අධික ලෙස බීමත්ව සිටින බව තම ක්‍රීඩකයන්ට හැඟී ගිය බව ද සාක්කි දෙමින් එම ක්‍රීඩකයන් අධිකරණය හමුවේ කියා සිටියේය. ඉරිදා දින උදේ ඔවුන් දෙදෙනා අසාධ්‍ය තත්ත්වයේ කාමරවල සිටින බවට දැනගන්නට ලැබුණු බවද ඒ අනුව නැවතී සිටි කිංග්ස්බරි හෝටලයේ සේවකයන්ගේ ආධාර ඇතිව ඔවුන් දෙදෙනාව ගිලන් රථයක් ගෙන්වා මෙරට පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ බව ද ඔවුන් අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

ඉකුත් 17 වැනිදා ක්‍රීඩකයන් දෙදෙනාගේ මරණ පරීක්‍ෂණ සාක්කි විමසීම අවසන් වූ අතර ක්‍රීඩකයන් දෙදෙනාගේ මරණ පරීක්‍ෂණ තවමත් අවසන් නොමැති අතර ඔවුන්ගේ මරණ පරීක්‍ෂණයන් පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් අධිකරණයට එවන ලෙසට මරණ පරීක්‍ෂණයන් සිදුකළ වෛද්‍ය නිලධාරීන් දෙදෙනාට කොටුව මහෙස්ත්‍රාත්වරිය පසුගිය සිකුරාද (18දා) නියෝග කර සිටියාය.

වෛද්‍ය වාර්තා පිළිබඳ විමසීම සඳහා මේ මස 25 වැනිදා කැඳවීමට නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon