වියත් මඟට ‘විපත් මඟ’ කියමින් මංගල කරන්නේ ගෝඨාභය විරෝධී කොන්ත්‍රාත්තුවක්

  👤  4222 readers have read this article !
By mawbima 2018-05-22

ජනතාව භාරදුන් රට ගොඩනඟන කොන්ත්‍රාත්තුව ඉවත දමා, ගෝඨා විරෝධී කොන්ත්‍රාත්තුව මංගල සමරවීර අමාත්‍යවරයා විසින් භාරගෙන තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රි චන්ද්‍රසිරි ගජධීර පවසයි.

ඉරිතළා ගොස් තිබූ යහපාලන නැව දැන් පුපුරා ගොස් තිබෙන බවත් ගිලෙන නැව්වල සිටීමට අකැමැති දාසය දෙනකු නැවෙන් පැන විපක්ෂයේ නැවට ගොඩවූ බව මන්ත්‍රිවරයා කියා සිටියේය.

සමාජවාදී ජනතා පෙරමුණ ඊයේ (21දා) කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා මෙසේද කීය.

ආණ්ඩුව ගෙනයන ධනේශ්වර නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්තිය විසින් ඇතිකරන ව්‍යසනකාරී ප්‍රතිපත්තියට මුහුණ දෙන්න නව විකල්ප ප්‍රතිපත්තියක් සමාජ ගත කිරීමේ වගකීම අපිට තියෙනවා. ඒ වෙනුවෙන් අපි පෙනී සිටිය යුතුයි. දැන් ආණ්ඩුව රට ඇතුළේ මහා ණය කන්දරාවක් ගොඩගැහෙනකොට ඒකට මහින්ද රාජපක්ෂ මහතාව හේතුවක් විදියට පෙන්වනවා. ඒ වගේම තමයි දැන් අද වෙනකොට ගෝඨා විරෝධයක් මතුකරමින් ඉන්නවා. මේ වගේ දේවල්වලට මැදිහත් වෙනවා මිසක් ජනතාවගේ සැබෑ ප්‍රශ්න විසඳන්න සැලසුම් සහගත වැඩපිළිවෙළක් ඉදිරියට ගෙනියන්නේ නැහැ. තව ටික දවසකින් කියයි දකුණේ පැතිර යන වයිරස් එකත් මහින්ද රාජපක්ෂ බෝ කළේ කියලා. මේක මහින්ද වයිරසයක් කියලා කියයි.

උතුරේ මියගිය සියලු දෙනා එල්.ටී.ටී.ඊ. නෙවෙයි. එල්.ටී.ටී.ඊ. ප්‍රහාර නිසා වගේම දෙපැත්තේ යුද ගැටුම නිසා මියගිය අය ඉන්නවා. ඒ අය සමරන එකට අපිට විරුද්ධ වෙන්න බැහැ. එහෙ ඉඳන් මෙහෙට ගහලා මෙහේ ඉඳන් එහෙට ගහලා මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්කමක් නැහැ. මේ ජාතීන් අතර මතුවෙන ප්‍රතිවිරෝධය අවසන් කරන්නත් මේ ආණ්ඩුව කටයුතු කළ යුතුයි.

දැන් මුදල් අමැතිවරයා භාර අරගෙන තියෙනවා කොන්ත්‍රාත්තුවක්. රට ගොඩනඟන ආර්ථික ප්‍රතිපත්තිය ගෙනියන කොන්ත්‍රාත්තුව නෙවෙයි. ගෝඨා විරෝධයක් මතු කරන්න හදනවා. වියත් මඟට විපත් මඟ කියමින් කොන්ත්‍රාත් එකක් ගෙනියනවා. ගෝඨා මුව හම තළ තළා ඉන්නවාට වඩා මේ රටේ ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් වගකිවයුතු ඇමැතිවරු ලෙස කටයුතු කරන එක තමයි වැදගත් වෙන්නේ.

මෙහිදී අදහස් දැක්වූ ගලගම ධම්මරංසි හිමි

ජනාධිපතිතුමා කියනවා රණවිරුවායි, ත්‍රස්තවාදියායි වෙන්කර ගන්න බැරි වගකිව යුතු දේශපාලන නායකයන් කිහිපදෙනෙක් ඉන්නවා කියලා. ඒ නායකයෝ මොළේ අමාරුකාරයෝ විදියට තමයි ජනාධිපතිතුමා පෙන්වලා දුන්නේ. ඒකෙන් එතුමා වක්‍රව පැහැදිලිව ප්‍රකාශ කළේ පසුගිය දිනවල ත්‍රස්තවාදියාගෙයි, රණවිරුවාගෙයි වෙනස හඳුනාගන්න බැරුව කතා කරපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න ඇතුළු කණ්ඩායම ගැන. රාජිත සේනාරත්නට තමයි සෞඛ්‍ය ඇමැතිකම දීලා තියෙන්නේ. එතකොට ජනාධිපතිවරයා කියන විදියට මොළේ අමාරුව තියෙන මිනිහට තමයි සෞඛ්‍ය අමාත්‍යාංශය දීලා තියෙන්නේ. ජනාධිපතිතුමාම පත්කරපු අමාත්‍ය මණ්ඩලයේ ඇමැතිවරයකුට එතුමාම කියනවා මොළේ අමාරුව කියලා. එතකොට මේ ඇමැතිවරු ලවා අපේ රණවිරුවන් සමච්චලයට ලක් කරමින් කරන කතා මේ රටේ ජනතාව අහගෙන ඉන්න ඕනි.

ඒ වගේම ජනාධිපතිවරයා කියනවා රජයේ මාධ්‍යවල රණවිරුවෝ ගැන ඇගයීමක් වටිනාකමක් ලබලා දෙන්නේ නැහැලු. ඉතින් කවුද ඒකට වගකියන්න ඕන.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වියත්මඟ ගැන ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇති බිය ගැන එතුමා නන්‍ෙදාඩනවා. වියත් මඟට විපත් මඟ කියලා අපහාස කරනවා. වියත් මඟේ ඉන්නේ රට ගැන හිතන, ජාතිය ගැන හිතන මහා වෘත්තික සංගමයක්.

මේ රටේ ආර්ථික මර්මස්ථාන පාලනය කරන්න දීලා තියෙන්නේ මේ වගේ ඔළමොට්ටල ඇමැතිවරුන්ටද..? අපි ජනාධිපතිතුමාට පැහැදිලි ලෙස කියනවා ඔබතුමාගේ කඩුව දැන්වත් පාවිච්චි කරන්න.

නීතිඥ රාජා කොල්ලුරේ

රණවිරු සැමරුමට අගමැති රනිල් වික්‍රමසිංහ සහභාගි වුණේ නැහැ. ඔහු ආවේ නැද්ද නැත්තම් ඔහුට එන්න කියලා ආරාධනා කළේ නැද්ද..?

උදයන්ති මුණසිංහ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon