ත්‍රස්තවාදය පරාජය කළ මහින්ද හොරෙක්: මිනී මරපු ත්‍රස්තවාදී ප්‍රභාකරන් පුතෙක්

  👤  3882 readers have read this article !
By mawbima 2018-05-22

වත්මන් ආණ්ඩුවේ දේශපාලනඥයන්ට අනුව ඹ්.ඊ.ඊ.ඡ්. කියල එකක් තිබිල නෑ. ත්‍රස්තවාදීන් කියලා කොටසක් ඉඳලා නෑ. පුතාල තමයි ඉඳලා තියෙන්නෙ. ඒ කියන්නේ ඹ්.ඊ.ඊ.ඡ්. කියල ත්‍රස්තවාදීන් නෙවෙයි පුතාල, ළමයි, මහත්වරු තමයි එතකොට ත්‍රස්තවාදී නායකය පුතෙක්. ත්‍රස්තවාදය පරාජය කළ මහින්ද රාජපක්‍ෂ නායකයා හොරෙක්. මේක තමයි වසර නවයකට පසු ලැබුණු නිර්වචනය යැයි මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම පවසයි.

ඒ මහතා මේ බව පැවැසුවේ මාතර පැවැති ප්‍රධාන රණවිරු උපහාර උළෙලට සහභාගි වෙමිනි.

ඩලස් අලහප්පෙරුම මහතා මෙසේද කීය.

මේ අවස්ථාවේදී මතක් කරන්න ඕන කාරණ දෙකක් තියෙනවා. එකක් තමයි මමත් කැබිනට් මණ්ඩලයේ හිටියා 2009 මැයි මාසෙ. නමුත් මම හීනෙකින්වත් හිතුවේ නෑ යුද්ධය නැති රටක අපට ජීවත් වෙන්න ලැබෙයි කියලා. අපේ දෑස්වලින් මරාගෙන මැරෙන බෝම්බ නැති රටක ජීවත් වෙන්න ලැබෙයි කියලා හිතුවේ නෑ. නමුත් අපේ ඇස් ඉදිරිපිට ඒ සිද්ධිය 2009 මැයි 18දා දැකගන්න ලැබුණා. ඒක මේ ශතවර්ෂයේ ලෝකෙ සිදුවෙච්ච අසිරිමත් සිදුවීමක්, ආශ්චර්යම සිදුවීමක් විසිඑක් වැනි සියවසේ ලෝකෙම සිදුවූ. ශ්‍රී ලංකාව ලෝකෙට එකතු වුණේ ලෝකෙ ත්‍රස්තවාදය පරාජය කරපු එකම රට විදියට.

මම හීනෙකින්වත් හිතුවේ නෑ අවුරුදු නවයක් තුළ විශේෂයෙන් දේශපාලනඥයන්ට මේ ආශ්චර්යවත් සිද්ධිය අමතක වේය කියලා. පළමු කාරණාව විස්මයට කාරණාවක්. දෙවැනි කාරණාව ලැජ්ජාවට කාරණාවක්. අපේ අවාසනාවට දේශපාලකයන් මේ අසිරිමත් සිදුවීම අමතක කරලා ඒකට වැරැදි නිර්වචන එකතු කරමින් ඉන්න මොහොතක්. ඇතැම් ආණ්ඩුවේ දේශපාලනඥයන්ට අනුව රණවිරුවො කියලා කණ්ඩායමක් නෑ. එයාලා කියන්නෙ පඩියට වැඩ කරපු මිනිස්සු. ඒ කියන්නෙ කුලීකාරයෝ. එක දේශපාලනඥයෙක් කියනවා ඔහු කරලා තියෙන්නෙ වැටුපට රැකියාවක්. ඒ දේශපාලනඥයා කියන විදියට අපි අවුරුදු පතා සිහි කරන්න ඕන නැහැලු.

අපි ලැජ්ජ වෙන්න ඕනෙ අපේ රණවිරුවන්ට විවිධ අර්ථකථන ලබාදීල අපේ රණවිරුවන්ට අගෞරව කිරීම ගැන. අපි මීට කලින් රණවිරු සතිය සැමරුවා. එහෙත් උතුරු පළාත් සභාව කියනවා අදින් ආරම්භ වෙන්නෙ ජන සංහාර සතිය කියලා.

ඇත්තටම අද රණවිරු සැමරුමට වඩා රණවිරුවන්ගෙන් සමාව ඉල්ලන දිනයක් ලෙස තමයි මේ සතිය නම් කරන්න ඕන. තමන් ආරක්‍ෂා කළ රණවිරුවන්ගෙන් සමාව ඉල්ලන්න ඕන. මේ වගේ කැප කිරීම් කළ රණවිරුවන් අමතක කළ රටක අකෘතඥ දේශපාලකයන් ඉන්න රටක මේ රණවිරුවන්ට කළ අගෞරවය ගැන අපි සමාව ඉල්ලන්න ඕන පුරවැසියන් විදියට.

මාතර - උදය කුමාර රණවීර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon