මේ ආණ්ඩුවත් දෙමළ ජනතාව රවටනවා

  👤  3952 readers have read this article !
By mawbima 2018-05-22

ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් අතර අවබෝධතාවක් ඇති නොවේ නම් එය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගැනීම සඳහා තුනෙන් දෙකක අනුමැතියක් ලබා ගැනීම

පිළිබඳ අවිනිශ්චිතයක් ඇති කරනු ඇති බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මාවෙයි සේනාධිරාජා පවසයි.

වත්මන් ආණ්ඩුව කාලයේදී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමට හැකිවේදෝ යන සැකය මතුව ඇති බවද මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.

මන්ත්‍රිවරයා මේ බව පැවැසුවේ නව පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් සිදුකළ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ මාවෙයි සේනාධිරාජා මහතා මෙසේද කීය.

ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලැබූ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ දෙමළ ජනතාවගේ ගැටලු පිළිබඳ කිසිවක් සඳහන් නොවීම ඉතා කනගාටුවට කාරණාවක්. පළාත් සභා ක්‍රමය පිළිබඳ සඳහන් කරනු ලැබුවත් එය ඵලදායි කරන්නේ කෙසේද යැයි කිසිවක් සඳහන් කළේ නැහැ.

ඔහුගේ ප්‍රකාශයෙන් පෙන්වාදී ඇත්තේම මෙරට ජනවාර්ගික ගැටලුවක් පවතින බවයි. වත්මන් ආණ්ඩුව බලයට පත්ව වසර තුනක කාලයක් ගතව තිබෙන මේ මොහොතේ ප්‍රශ්න පිළිබඳ පමණක් කතා කර කර සිටීමෙන් පලක් නැහැ. නව පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ වුණා. කඩිනමින් තේරීම් කාරක සභා රැස්විය යුතුයි. නමුත් සියල්ල රැවටීමක් බවයි පෙනී යන්නේ.

වත්මන් ආණ්ඩුව කිසිවක් සිදු නොකළාය යන චෝදනාව මම එල්ල කරන්නේ නැහැ. යම් යම් කටයුතු වත්මන් ආණ්ඩුව ඉටු කර තිබෙනවා. නමුත් උතුරේ ආරක්‍ෂක අංශ සතුව පවතින ඉඩම් සම්පූර්ණයෙන්ම නිදහස් කොට නැහැ. මෙයයි ඇත්ත.

එසේම වගවීමේ යාන්ත්‍රණයේ

වගකිවයුත්තන් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ විය යුතුයි.

දෙමළ ජනතාවගේ ගැටලුව වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානය කළ කැපවීම් බොහෝමයි. අපි පිටත සිට වුවත් ආණ්ඩුවට සහයෝගය පළ කර තිබෙනවා. මෙතරම් සහයෝගය දැක්වුවද දෙමළ ජාතික සන්ධානයට අප වෙනුවෙන් කිසිවක් කළ නොහැකි වුණා යන මතය ඇතැම් දේශපාලන පක්‍ෂ විසින් අප ජනතාව හමුවේ ඇතිකර තිබෙනවා. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මෙය මොනවට පැහැදිලි වුණා.

ජාතික ගැටලුවට කඩිනමින් විසඳුමක් ලබා ගැනීමට නම් ජාත්‍යන්තරය විසින් ආණ්ඩුවට ඒ සඳහා බලපෑම් කළ යුතුව තිබෙනවා. ඔවුන් එයින් කිසිවිටෙකත් ඉවත් නොවිය යුතුයි.

ලක්‍ෂ්මී ජයකොඩි

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon