යුරෝපීය කායවර්ධන ශූරතා තරගාවලියේදී පුෂ්පරාජ් රිදී පදක්කම දිනාගනී

  👤  3841 readers have read this article !
By mawbima 2018-05-22

ඔස්ටි්‍රයාවේ පැවැති යුරෝපීය කායවර්ධන ශූරතා තරගාවලියේ කිලෝග්‍රෑම් 100ට වැඩි බර පන්තියේ රිදී පදක්කම දිනා ගැනීමට ලූෂන් පුෂ්පරාජ් පසුගියදා සමත් විය.

මෙතෙක් යුරෝපීය කායවර්ධන ශූරයා වශයෙන් හැඳින් වූ අර්මින් ගැංගල් පරාජයට පත් කිරීමට එහිදී ලූෂන් සමත් වූ අතර ශ්‍රී ලාංකික කායවර්ධන ක්‍රීඩකයකු මෙතෙක් යුරෝපීය කායවර්ධන ශූරතා තරගාවලියකට සහභාගි වූ පළමු අවස්ථාව මෙන්ම එවන් තරගාවලියකදී ලබා ඇති ඉහළම ජයග්‍රහණය මෙය වීමද විශේෂත්වයකි. කෙසේ වෙතත් මින් පෙර ඔහු ඇමෙරිකාවේ පැවැති 'මිස්ටර් ඇට්ලස්' කායවර්ධන ශූරතා තරගාවලියේ සිවුවැනි ස්ථානය මෙන්ම දකුණු කොරියාවේ පැවැති 51 වැනි ආසියානු කායවර්ධන ශූරතා තරගාවලියේදී රන් පදක්කමද දිනාගැනීමට සමත් විය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon