44 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේදී පාපැදියේ බලය වයඹට හා බස්නාහිරට

  👤  3951 readers have read this article !
By mawbima 2018-05-22

විචිත්‍ර වීරසිංහ

පුත්තලමේදී පසුගියදා අවසන් වූ 44 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලට අදාළ රේසිං හා ස්ටෑන්ඩර්ඩ් පාපැදි තරගවලදී රේසිං හා ස්ටෑන්ඩර්ඩ් යන තරගාවලි දෙකෙහිම පිරිමි අංශයේ ජයග්‍රහණය වයඹත්, කාන්තා අංශයේ ජයග්‍රහණය බස්නාහිරත් හිමිකර ගැනීම කැපී පෙනුණි.

ඒ අනුව රේසිං තරගයේ පිරිමි අංශයේ ජයග්‍රහණය වයඹ පළාතේ දර්ශන ප්‍රසාද්ට (පැය 3.14.17) හිමි වූ අතර, එම තරගයේ කාන්තා අංශයේ ජයග්‍රහණය බස්නාහිර පළාතේ එන්.එස්.පී. සුලෝචනාට (පැය 1:39.42) හිමිවිය. පිරිමි අංශයේ දෙවැනි හා තෙවැනි ස්ථාන පිළිවෙළින් දකුණු පළාතේ එල්.ඩී. නයනප්‍රියට හා උතුරු මැද පළාතේ පැතුම් සම්පත්ට හිමි වූ අතර, කාන්තා අංශයේ දෙවැනි හා තෙවැනි ස්ථාන පිළිවෙළින් නැඟෙනහිර පළාතේ මනෝරි කුමාරිට හා වයඹ පළාතේ දිනේෂා දිල්රුක්ෂිට හිමි වූහ.

ස්ටෑන්ඩර්ඩ් තරගයේ පිරිමි පළමු ස්ථානය වයඹ පළාතේ සිසිර කුමාරට (පැය 3:36.18) හිමිවෙද්දී ස්ටෑන්ඩර්ඩ් කාන්තා අංශයේ පළමු ස්ථානය බස්නාහිර පළාතේ එල්.එච්.ඒ.එන්. මධුරංගිට (පැය 1:52.25) හිමිවූවාය. පිරිමි දෙවැනි හා තෙවැනි ස්ථාන පිළිවෙළින් බස්නාහිර පළාතේ වසන්ත හරිස්චන්ද්‍රට හා උෟව පළාතේ එම්.එස්. විතානගේට හිමිවෙද්දී කාන්තා අංශයේ දෙවැනි හා තෙවැනි ස්ථාන පිළිවෙළින් උතුරු පළාතේ තනුෂුජන්තිනි හා නැඟෙනහිර පළාතේ එන්.එස්.වීරසිංහ විසින් හිමිකරගනු ලැබූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon