ආසියානු ක්‍රීඩා උළෙලට ක්‍රීඩකයන් තෝරාගැනීමේදී පිහිනුම් තටාකයත් කැලැඹෙයි

  👤  3993 readers have read this article !
By mawbima 2018-05-22

විචිත්‍ර වීරසිංහ

අගෝස්තු මස 18 වැනිදා සිට සැප්තැම්බර් මස 2 වැනිදා දක්වා ඉන්දුනීසියාවේදී පැවැත්වීමට නියමිත 18 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ පිහිනුම් තරග සඳහා ඉදිරිපත්වීමට නියමිත සංචිතය තෝරාගැනීමට අදාළව පැවැත්වෙන තේරීම් තරග සඳහා 30 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයක් මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව පිරිමි සංචිතයට 15 දෙනකු හා කාන්තා සංචිතයට 15 දෙනකු බැගින් ඇතුළත් කර ඇති අතර, ජුනි 14 හා 15 වැනිදා සුගතදාස පිහිනුම් තටාකයේදී පැවැත්වෙන තේරීම් තරගවලදී මෙම සංඛ්‍යාව 6 දක්වා (පිරිමි 4යි, ගැහැනු 2යි) අඩු කිරීමට ජල ක්‍රීඩා සංගමය තීරණය කර ඇත.
කෙසේ වෙතත් මෙම 30 දෙනා තෝරාගෙන ඇත්තේ නිසි ක්‍රමවේදයකින් නොවන බව පිහිනුම් ක්‍රීඩාවට සම්බන්ධව සිටින කිහිප දෙනකු ජල ක්‍රීඩා සංගමයට චෝදනා කර සිටී.

එහිදී ඔවුන් පෙන්වා දෙන්නේ ඔවුන්ට හිතවත් ක්‍රීඩක-ක්‍රීඩිකාවන් තෝරාගැනීම සඳහා වසරකට එපිට දක්‍ෂතා වුවද සලකා බලා ඇති බවත්, ක්‍රීඩකයකුගේ දක්‍ෂතා මාසයකින් දෙකකින් වෙනස් වන විටෙක වසරකට පෙර දැක්වූ දක්‍ෂතා සලකා බලා ඇත්තේ කුමන පදනමකින්ද යන්නය.

සංචිතයට එක්ව සිටින ක්‍රීඩකයන් _ මැතිව් අබේසිංහ, චෙරන්ත ද සිල්වා, කයිල් අබේසිංහ, අකලංක පීරිස්, කාවින්ද්‍ර නුගවෙල, ස්ටෙෆාන් පෙරේරා, ඩිලංක ෂෙහාන්, ඩිනාල් වීරසිංහ, කවීන් වීරසිංහ, ෂේවින්ද ද සිල්වා, සී.ආර්. යෝගාරත්නම්, රඛිත ද සිල්වා, සන්දේව් සේනාරත්න, අම්රිත් පෙරේරා

ක්‍රීඩිකාවන් _ කිමිකෝ රහීම්, විනෝලි කළුආරච්චි, දිල්රුක්‍ෂි පෙරේරා, අනිකා ගෆූර්, සන්දු සවින්දි, තිමාලි බණ්ඩාර, අයි.ඊ. සේනානායක, ගංගා සෙනෙවිරත්න, රමුදි සමරකෝන්, ෂෙනාලි වීරවංශ, දේවින්ද්‍ර්‍යා ජයවර්ධන, භක්ති කරුණාසේන, අෂිනි මොල්ලිගොඩ, සනලි නුහන්සා, අරලියා ගුණසේකර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon