කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලයට ලංකාවෙන් ඩොලර් මිලියන 2ක ණයක්

  👤  3990 readers have read this article !
By mawbima 2018-05-22

ශ්‍රී ලංකාව සමඟින් ඉදිරියේදී පැවැත්වෙන තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය පැවැත්වීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඩොලර් මිලියන 2ක මුදලක් (රුපියල් කෝටි 30කට අධික) ඉල්ලා ඇති බවත් ඒ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කැමැත්ත පළකර ඇති බවත් වාර්තා වේ.

මේ වනවිට දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණදී සිටින බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකාව සමඟින් පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ ඉදිරි කටයුතු කරගෙන යෑම සඳහා අයි.සී.සී.යෙන් (ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන්) ණය මුදලක් ඉල්ලා ඇති බවද දැනගන්නට ඇත.

නමුත් එම අයි.සී.සී ණය මුදල ලැබීම ප්‍රමාද වන හෙයින් කොදෙව් ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් මෙසේ ඉල්ලීමක් කර ඇති බවද පැවැසේ.

කෙසේ වෙතත් දෙරට අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග තුන තරග 2කට හා එක්දින තරගාවලියක් ලෙස වෙනස් කිරීම සම්බන්ධයෙන් කොදෙව් ආයතනයේ නිලධාරීන් විසින් දැනුවත් කිරීමක්ද කර තිබේ. ඒ අනුව ඔවුන් පවසන්නේ ටෙස්ට් තරගයක් නැරඹීම සඳහා පැමිණෙන ක්‍රීඩාලෝලීන් සංඛ්‍යාව මදි බවත්, එක්දින හෝ විස්සයි-20 තරගයක් සඳහා විශාල ප්‍රේක්‍ෂක ප්‍රමාණයක් පැමිණීමෙන් විශාල ආදායමක් උපයා ගැනීමට හැකි බවත්ය.

කෙසේ වෙතත් ටෙස්ට් තරගයක් වෙනුවට එක්දින තරග දෙකක් පවත්වනවාද, එසේත් නැතහොත් විස්සයි - 20 තුනක්ද පවත්වනවාද යන්න දෙරටේ ක්‍රිකට් බලධාරීන් විසින් අද (22දා) තීරණය කිරීමට නියමිත බවද පැවැසේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon