ආසියානු දැල්පන්දු තරගාවලියට යෑමට පෙර ශ්‍රී ලංකා පිලට 27දා සිට මනා පෙරහුරුවක්

  👤  4028 readers have read this article !
By mawbima 2018-05-21

විචිත්‍ර වීරසිංහ

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය සංවිධානය කරනු ලබන ආරාධිත ජාත්‍යන්තර දැල්පන්දු තරගාවලිය මැයි මස 27 වැනිදා සිට 30 වැනිදා දක්වා කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට නියමිතය.

ඒ අනුව ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ ආරාධනයෙන් එංගලන්ත ක්‍රීඩා සමාජ කණ්ඩායමක් හා සිංගප්පූරු ජාතික සංචිත කණ්ඩායමක් සමඟ ශ්‍රී ලංකාවේ ජාතික සංචිත හා ශ්‍රී ලංකා සංවර්ධන සංචිත කණ්ඩායම් තරග වැදීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකාවේ යොවුන් ක්‍රීඩිකාවන්ට මෙන්ම ඉදිරියේදී පැවැත්වීමට නියමිත ආසියානු දැල්පන්දු ශූරතා තරගාවලිය සඳහා සහභාගි වන මෙරට ජාතික ක්‍රීඩිකාවන්ගේද හැකියාවන් තව තවත් වර්ධනය කරගැනීමට මෙම තරගාවලිය මහත් ප්‍රයෝජනයක් විය හැකි බව ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ සභාපතිනි ටි්‍රක්ෂි නානායක්කාර මහත්මිය "මව්බිම"ට පැවැසුවාය.

තවද සැප්තැම්බර් 01 වැනිදා සිට සැප්තැම්බර් 09 වැනිදා දක්වා සිංගප්පූරුවේදී පැවැත්වීමට නියමිත ආසියානු දැල්පන්දු තරගාවලිය සඳහා එක්ව සිටින සිංගප්පූරු කණ්ඩායම් සංචිතයද 27දා පැවැත්වෙන ආරාධිත තරගාවලිය සඳහා සහභාගි වන හෙයින් ඔවුන් සම්බන්ධයෙන්ද මනා වැටහීමක් ඇති කරගැනීමට මෙම තරගාවලිය තව තවත් වැදගත් වන බවද දැල්පන්දු සභාපතිනිය තවදුරටත් පැවැසුවාය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon