ශ්‍රී ලංකා සංචාරය මුවාවෙන් ගොඩ එන්නට කොදෙව් ක්‍රිකට් බලධාරීන්ගේ උත්සාහයක්

  👤  4024 readers have read this article !
By mawbima 2018-05-21

ශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ලබන මස මුලදී කොදෙව් හිදී ආරම්භවීමට නියමිතව තිබූ තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ එක් ටෙස්ට් තරගයක් වෙනුවට එක්දින තරග දෙකක් හෝ විස්සයි-20 තරග 3ක් පැවැත්වීමට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇති බවට වාර්තා වේ.

කොදෙව් ක්‍රිකට් ආයතනය මේ වන විට මුහුණ පා ඇති උග්‍ර මූල්‍යමය අස්ථාවරත්වය මෙම තීරණයට එළැඹීමට ප්‍රධාන හේතුව වී ඇති අතර මෙම තරග වෙනස් කිරීම පිළිබඳව කොදෙව් ක්‍රිකට් බලධාරීන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී ඇති බවද දැනගන්නට ඇත.

තවද මෙම තරගාවලියේ පෙර දැනුම් දී තිබූ තරග කාලසටහනට අනුව පළමු ටෙස්ට් තරගය ජුනි 06 වැනිදා සිට ජුනි 10 වැනිදා දක්වා ටි්‍රනිඩෑඩ්හි ක්වීන්ස් පාර්ක් ක්‍රීඩාංගණයේදීද දෙවන ටෙස්ට් තරගය ජුනි 14 වැනිදා සිට ජුනි 18 වැනිදා දක්වා සා.ලුසියාහි ඩැරන් සැමී ක්‍රීඩාංගණයේදීද පැවැත්වීමට නියමිතව තිබු අතර තෙවැනි ටෙස්ට් තරගය දිවා රාත්‍රී තරගයක් ලෙස ජුනි 23 වැනිදා සිට ජුනි 27 වැනිදා දක්වා බාබඩෝස්හි කිංස්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදීද පැවැත්වීමට නියමිතව තිබිණි. කෙසේවෙතත් ඔවුන්ගේ නව සැලැස්මට අනුව තරග කාලසටහන මෙතෙක් ප්‍රකාශයට පත්වී නැතත් එක් ටෙස්ට් තරගයක් වෙනුවට එක්දින තරග දෙකක් හෝ තුනක් පැවැත්වීමට ඔවුන්ගේ අදහසටද සහයෝගය දැක්වීමක් කෙරෙහි තීරණය කිරීමට ඉඩ ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා ප්‍රකාශ කර ඇත.

කෙසේ නමුත් තරගාවලියේ සැලැස්ම පිළිබඳ දෙරටේ ක්‍රිකට් පාලක මණ්ඩල හෙට දිනයේ සාකච්ඡා කිරීමට යෙදී ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායම ලබන සිකුරාදා (25දා) කොදෙව් දේශය බලා යෑමට නියමිතය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon