අත්‍යවශ්‍ය භාණ්ඩවලටත් මිල සූත්‍රයක්

  👤  4082 readers have read this article !
By mawbima 2018-05-21

නුවන් හෙට්ටිආරච්චි

වෙළෙඳපොළ උච්චාවචනයන් අධ්‍යයනය කොට ගෑස් ඇතුළු ආනයනික අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දීමට කටයුතු කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවැසීය.

සෑම මාස දෙකකට වරක් ලෝක වෙළෙඳපොළේ හැසිරීම සලකා බලා එම මිල සූත්‍රය සකසන බවත් ඒ හරහා අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ නොයනු ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.

මේ බව අමාත්‍යවරයා සඳහන් කළේ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති චීන - ශ්‍රී ලංකා ප්‍රදර්ශනය අතරතුරදීය. විජයග්‍රහණ සැමරුම පිළිබඳව මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේදී ඒ පිළිබඳව අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවැසීය.

''රට බේරාගත්ත රණවිරුවෝ සම්බන්ධව ලොකු ගරු කිරීමක් තියෙනවා. නමුත් අද විවිධ අයට විවිධ මත තියෙන්න පුළුවන්. මට තියෙන්නේ ඔවුන් මේ අරන් දුන්න නිදහස පිළිබඳව විශාල ගෞරවයක්. ආර්ථිකය, සංවර්ධනය බිඳ වැටෙන්නේ මේ රටේ මිනිසුන්ගේ තියෙන බෙදීම නිසා. ජාති, ආගම්, කුල වශයෙන් බෙදිලා ඉන්න නිසා. රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් උතුර - දකුණ කියලා වෙනසක් නැතිව සමරන්න ඕන. උතුරේ එල්.ටී.ටී.ඊ.ය නිසා මටත් කරදර වුණා. ඒ නිසා මේ රටේ සාමය ඇති කිරීම සම්බන්ධ රණවිරුවන්ට අප ගරු කළ යුතුයි.''

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon