උතුරුමැද තැපැල් කාර්යාලයේ විදුලි සෝපානය මඟ ඇනහිටලා

  👤  4127 readers have read this article !
By mawbima 2018-05-21

අනුරාධපුර - මහේෂ් විජේසූරිය

විදුලි සෝපානයෙන් (ලිෆ්ට්) ඉහළ මාලයකට යමින් සිටියදී හදිසියේ විදුලිය විසන්ධි වීමෙන් තැපැල් සේවයකු විනාඩි 12 වැඩි කාලයක් සෝපානය තුළ සිරවී සිටීමේ පුවතක් අනුරාධපුර පිහිටි උතුරුමැද පළාත් තැපැල් කාර්යාලයෙන් වාර්තා විය.

තැපැල් සේවකයා පෙරේදා (19දා) සවස පස්මහල් ගොඩනැඟිල්ලේ ඉහළ මාලයකට ගිය අවස්ථාවේ අනපේක්‍ෂිත සිදුවීමට මුහුණපා ඇත. වාසනාවකට මෙන් විදුලි සෝපානයේ ‍ෙදාර විවෘත කිරීමට යොදා ගන්නා යතුර එහි තිබීම නිසා කඩිනමින් ඔහු පිටතට ගැනීමට සෙසු සේවකයන්ට හැකිවී තිබේ.

විදුලි සෝපානය සහිත ගොඩනැඟිල්ලේ තුන්වැනි මහලේදී හදිසියේම විදුලි සෝපානය ක්‍රියාකාරීත්වය නැවතී ඇති අතර තැපැල් සේවකයා ‍ෙදාර විවෘත කර ගැනීමට උත්සාහ දරා ඇතත් එහි ‍ෙදාර විවර නොවීම නිසා ඔහු අතවූ ජංගම දුරකථනයෙන් වෙනත් සේවකයකුට එම සිදුවීම දන්වා තිබේ.

‍ෙදාර විවර නොවේ නම් ආරක්‍ෂිත පියවරක් ලෙස බිම දිගාවී සිටින ලෙස ඔහුට උපදෙස් ලබාදී ඇති අතර තැපැල් සේවකයන් ඔහුව මුදා ගැනීමට අවශ්‍ය සහාය පතා අනුරාධපුර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයට දැන්වීමක්ද කර තිබේ.

ඒ වනවිට අදාළ ආයතනයේ ප්‍රධාන ලිපිකරු එම කාර්යාලයේ සිට ඇති අතර ඔහු සන්තකයේ විදුලි සෝපානයේ ‍ෙදාර යතුරු තිබී සේවකයා ඉන් පිටතට ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකර තිබිණි. ඔහු ඉන් ඉවතට ගන්නා තුරු විනාඩි 12ක කාලයක් ඒ තුළ සිරවී සිට ඇති අතර විදුලිය විසන්ධි වූ අවස්ථාවේ ස්වයංක්‍රියව ක්‍රියාත්මක වන ආරක්‍ෂිත විදුලි පද්ධතිය ක්‍රියාත්මක නොවීමෙන් අනපේක්‍ෂිත සිදුවීම සිදුවී තිබේ. කාර්යාල දිනයන්වලදී එක්වරකට සේවක සේවිකාවන් දස දෙනකු පමණ එහි ගමන් කරන බවත් එවැනි අවස්ථාවක මෙම සිදුවීම සිදුවූයේ නම් ඔවුන්ට හුස්ම ගැනීමට අවශ්‍ය ප්‍රමාණවත් වාතය නොලැබීමෙන් ජීවිත අවදානමකට වුවත් මුහුණපෑමට සිදුවීමට ඉඩතිබූ බව සේවකයෝ පිරිසක් පැවැසූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon