පැලේ සිටියදී අකුණු සර වැදී වැලිකන්දේ දෙදෙනෙක් මරුට

  👤  4124 readers have read this article !
By mawbima 2018-05-21

පොළොන්නරුව - විපුල් ප්‍රියන්ත, මනම්පිටිය - නිමල් ජයරත්න,
පොළොන්නරුව - බණ්ඩාර මුදියන්සේ,
හිඟුරක්ගොඩ - ප්‍රියා

වැලිකන්ද මඟුල්පොකුණ ප්‍රදේශයේ කුඹුරු වැඩ කරමින් සිටි දෙදෙනකු 19දා සවස 5.30ට පමණ අකුණු සර වැදීමෙන් මියගොස් ඇති බව වැලිකන්ද පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ වැලිකන්ද මඟුල්පොකුණ අංක 201 ලිපිනයේ පදිංචිව සිටි 17 හැවිරිදි ජී.ඩබ්ලිව්. ලක්ෂාන් බොතේජු සහ මඟුල්පොකුණ අංක 161 ලිපිනයේ පදිංචි ඊ. නිමන්ත දිල්රුක්ෂ ද සොයිසා යන 37 වියැති පියකු බව ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වන වැලිකන්ද පොලිසිය කියයි.

අකුණු සර වදින විට කුඹුරේ පැල තුළ සිවු දෙනකු සිට ඇත.

ඉන් දෙදෙනකුගෙන් එක් අයකු බුලත් විට ගෙන ඒමටත් අනෙක් පුද්ගලයා කුඹුරට බැස විනාඩි පහක කාලයක් තුළ අකුණු සර වැදී පැල්පත තුළ සිටි දෙදෙනාම බිම වැටී සිටි බව සිද්ධිය ඇසින් දුටුවකු කීය.

17 වියැති ළමයා ළඟ ජංගම දුරකථනයක් තිබුණු බවත් අකුණු සර වැදීමත් සමඟ ඔවුන් දෙදෙනා වැලිකන්ද ප්‍රාදේශීය රෝහලට රැගෙන ගිය බවත් සිද්ධියට මුහුණදී දිවි බේරුණු අයකු පැවැසීය.

ඒ මොහොතේ සාමාන්‍ය වර්ෂාවක් පැවතුණු බවත් එම කාලය වන විට ප්‍රදේශයේ කුඹුරු වැඩ කරමින් ගොවීන් රැසක් සිටි බවද හෙතෙම සඳහන් කළේය.

වැලිකන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ.පී.ඩබ්ලිව්. ප්‍රේමලාල් මහතා ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon