මැයි 18 උතුරේ පාසල් ධජ අඩකුඹු කරලා

  👤  4107 readers have read this article !
By mawbima 2018-05-21

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ, මුලතිව් - ශෂි කුමාර්, ඕමන්ත - ශේෂලා අමරසිංහ

උතුරු පළාත් සභාව විසින් මැයි 18දා එම පළාතට ශෝක දිනයක් ලෙස නම් කොට ඇති නිසා සියලුම පාසල්වල ජාතික ධජය අඩකුඹු කරන ලෙස උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා ඉල්ලා සිටියද බොහෝ පාසල් ඔවුන්ගේ පාසල් ධජය පමණක් අඩකුඹු කොට තිබූ අන්දම දක්නට ලැබිණි.

උතුරේ සෑම දෙමළ පාසලකම පාහේ 18දා උදෑසන රැස්වීම වෙන් කොට තිබුණේ යුද්ධය හේතුවෙන් මියගිය දෙමළ වැසියන් සිහිපත් කිරීම පිණිසය.

ඒ නිමිත්තෙන් බොහෝ පන්ති කාමරවලදී විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් රකිමින් මියගිය පිරිස සිහිපත් කොට තිබේ.

මේ අතර මුලතිව් දිස්ත්‍රික්කයේ පාසල් සිසුන් පාසල් නිල ඇඳුම් පිටින්ම මුල්ලිවයික්කාල් පළාතට පැමිණ යුද්ධයෙන් මියගිය දෙමළ වැසියන් සිහි කිරීමේ උළෙලට අත් උදවු ලබා දෙමින් ඒ උත්සවයට සහභාගි වී මියගිය පිරිස් සමරනු ලැබීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon