අධ්‍යාපනයේ දියුණුවට අපි අවස්ථා නිර්මාණය කළා

  👤  3957 readers have read this article !
By mawbima 2018-05-21

දයා පෙරේරා

"අපි අවස්ථාවක් එනතුරු බලා නොසිට, අවස්ථාවන් නිර්මාණය කරගෙන රටේ අධ්‍යාපනය දියුණු කළා" යැයි අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් පැවැසීය.

"උපක්‍රමශීලීව, සියලු බාධක මඟහරවා ගනිමින් අවස්ථාවන් උදාකරගෙන රටේ අධ්‍යාපනය දියුණු කිරීමට මෙන්ම රට සංවර්ධනය කිරීම සඳහාද වත්මන් ආණ්ඩුව ක්‍රියා කරමින් සිටිනවා"යි ඇමැතිවරයා සඳහන් කළේය.

වතු ආශි්‍රත දෙමළ මාධ්‍ය පාසල්වලට ගුරු සහායකවරුන් බඳවා ගැනීම නිමිත්තෙන් බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී පැවැති උත්සවයට සහභාගි වෙමින් තවදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා "වතුකරයේ දරුවන් නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිලාභ භුක්තිවිඳිමින්, රටේ ශ්‍රම බළකාය සඳහා සක්‍රියව දායකවී, අනාගත ලෝකය ජයගත හැකි පරපුරක් බවට පත්විය යුතුයි."

"පසුගිය වකවානු තුළදී වතුකරයේ අධ්‍යාපනයේ ඇතිවී තිබෙන කඩාවැටීම් මඟහරවාගෙන, අධ්‍යාපනය දියුණු කිරීම තුළ ගුරු ව්‍යවස්ථාවට අනුව, ඉදිරියේදී ගුණාත්මක මට්ටමෙන් පරිපූර්ණ වූ ගුරුවරු බඳවා ගැනීමට හැකියාව පවතිනවා."

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon