තම දේශපාලන ගැත්තන්ට පත්වීම් දෙන්න රාජ්‍ය සේවා කොමිෂන් සභාව කටයුතු කරනවා

  👤  3991 readers have read this article !
By mawbima 2018-05-21

මුලතිව් - ශෂිකුමාර්, ඕමන්ත - ශේෂලා අමරසිංහ

මන්නාරම උයිලන්කුලම් ප්‍රදේශයේ පිහිටි නිවෙසක් ආසන්නයට 17 වැනිදා රාත්‍රියේ නාදුනන පිරිසක් පැමිණ වෙඩි තබා පලා ගොස් ඇති බවට මන්නාරම් පොලිසිය කියා සිටියේය.

උයිලන්කුලම් ප්‍රදේශයේ පදිංචි ජේසුදාසන් ස්වාමිපිල්ලෙයි නමැති වැසියාගේ නිවෙස ආසන්නයට පැමිණි 8 දෙනකුගෙන් පමණ සමන්විත පිරිසක් විසින් මේ වෙඩි තැබීම සිදුකොට ඇති අතර වෙඩි තැබීම සිදු කරන අවස්ථාවේදී ජේසුදාසන් ස්වාමිපිල්ලෙයි නිවෙසින් පැන යෑම නිසා තම ජීවිතය බේරුණු බව ඔහු විසින් පොලිසියට පවසා ඇත.

එසේම වෙඩි තැබීම සිදුකළ පුද්ගලයන් කවුරුන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති අතර වෙඩි තැබීම සම්බන්ධයෙන් මන්නාරම පොලිසිය වැඩිදුර පරීක්ෂණයක් අරඹා ඇත.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon