සිංගප්පූරු වෙළෙ¼ද ගිවිසුමට එරෙහිව ‍ෙදාස්තරලා අද වැඩ නෑ

  👤  3816 readers have read this article !
By mawbima 2018-05-17

ජේ.ටී. ද සිල්වා

සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම අහෝසි කරන ලෙසටත් ඉන්දියාවත් සමඟ අස්සන් කිරීමට යන එට්කා ගිවිසුමේ ඉදිරි කටයුතු සිදුකිරීම අත්හිටුවන ලෙසටත් ආණ්ඩුවට බලකරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (17දා) දීපව්‍යාප්ත එක්දින සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කරයි.

අද පෙරවරු 8ට ආරම්භ කෙරෙන මෙම වෛද්‍ය වැඩ වර්ජනය හෙට (18දා) පෙරවරු 8ට අවසන් කෙරෙන බව එම සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පැවැසීය.

මාතෘ හා ළමා රෝහල්, පිළිකා, වකුගඩු ආශ්‍රිත රෝග සඳහා වන රෝහල්, හමුදා රෝහල් ආදියේ වැඩ වර්ජනය ක්‍රියාත්මක නොවන බව හෙතම සඳහන් කළේය.

තම සංගමය ක්‍රියාත්මක කරන මෙම වැඩ වර්ජනයට, ශ්‍රී ලංකා රේගු සංගමය, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් සහයෝගය ලබාදීමට එකඟත්වය පළකර ඇති බවද වෛද්‍ය හරිත අලුත්ගේ පැවැසීය.

මේ පිළිබඳව රජයේ අවධානය යොමු නොවුණහොත් ඉදිරියේදී සියලු වෘත්තීය සමිති හා සංවිධාන සමඟ එක්ව අඛණ්ඩ වැඩ වර්ජනයකට යෑමට සිදුවන බවද ලේකම්වරයා සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon