‘මව්බිම’ හෙළිදරව්වෙන් දැව සංස්ථා සභාපතිකම අහිමි වූ අනුරුද්ධ පොල්ගම්පොළ රිමාන්ඩ්

  👤  3858 readers have read this article !
By mawbima 2018-05-17

අමිල අබේරත්න

ආයතනයකින් බොරලු පස් ලබාගෙන මුදල් ලබානොදී එක්කෝටි දහතුන් ලක්ෂ දෙදහස් නවසිය විස්සක 1,13,02,920 මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කිලිනොච්චි අධිකරණයේ පැවරූ නඩුවක ඇප කොන්දේසි කඩ කිරීමක් සම්බන්ධයෙන් නිකුත් කළ වරෙන්තුවකට අදාළව පෙරේදා (15දා) රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජනතා විමුක්ති පෙරමුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සහ හිටපු දැව සංස්ථා සභාපති අනුරුද්ධ පොල්ගම්පොළ යන අය මේ මස 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය ඊයේ (16දා) නියෝග කළාය.

විත්තිකාර හිටපු මන්ත්‍රිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසේල රැකව සහ නීතිඥ සජිත ජයවර්ධන යන මහත්වරුන් විත්තිකාර මන්ත්‍රිවරයාට ඇප නියම කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටි අතර, ඇප දීමට හැකියාවක් නැති බව දන්වා සිටිමින් මහෙස්ත්‍රාත්වරිය ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළාය.

ඊට අමතරව හිටපු මන්ත්‍රිවරයාව කිලිනොච්චි අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද මහෙස්ත්‍රාත්වරිය බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කර සිටියාය.

පැමිණිලිකරු කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි මනෝජ් තිසේරා නමැත්තකු වන අතර ඔහු සතු ආයතනයකින් විත්තිකාර මන්ත්‍රිවරයා බොරලු පස් ලබාගෙන ඇති අතර, ඊට පසු ඒ සඳහා මුදල් නොදී එක්කෝටි දහතුන් ලක්ෂ දෙදහස් නවසිය විස්සක මුදලක් වංචා කර ඇත.
2013.05.05 වැනි දින සිට 2013.05.31 දක්වා කාල සීමාව තුළදී බොරලු පස් විත්තිකාර මන්ත්‍රිවරයා විසින් ලබාගෙන ඇති අතර, ඔහු පස් ලබාගෙන ඇත්තේ ඉන්දියන් සමාගමක් වන ඉරිනේන් නමැති සමාගම විසින් උතුරු දුම්රිය මාර්ගය සකස් කිරීම සඳහා 2013 වර්ෂයේ ආරම්භ කළ ව්‍යාපෘතියකට පස් සැපයීම සඳහාය.

හිටපු මන්ත්‍රිවරයා එවකට ඡ්ඊඉ නමැති ආයතනයක් පවත්වාගෙන ගොස් ඇත. වංචාව සම්බන්ධයෙන් පැමිණිලිකාර ව්‍යාපාරිකයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට 2014.05.05 වැනි දින කළ පැමිණිල්ලකට අනුව විත්තිකාර හිටපු මන්ත්‍රිවරයා අත්අඩංගුවට ගෙන කිලිනොච්චි අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon