2020 ජනවාරි 9දා පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතුයි අනුර කුමාර දිසානායක

  👤  3734 readers have read this article !
By mawbima 2018-05-17

අනුරාධා හේරත්

විධායක ජනපති ක්‍රමය අහෝසි වී 20 වැනි සංශෝධනය ක්‍රියාත්මක වන 2020 ජනවාරි 9 වැනි දින පාර්ලිමේන්තුව විසිරුවා හැරිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ කියයි.

එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පැවැසුවේ 20 වැනි සංශෝධනය හරහා අගමැතිවරයාට අතිරේක බලතල කිහිපයක් හිමිවන බැවින් නව අගමැතිවරයකු පාර්ලිමේන්තුවේදී පත්කර ගැනීම අත්‍යවශ්‍ය බවයි.

ජනවරමක් නොමැති රනිල් වික්‍රමසිංහ නව අගමැති නොවන බව පවසමින් දිසානායක මහතා කියා සිටියේ ඒ අනුව ජනවරමක් සහිත අගමැතිවරයකු පත්විය යුතු බවයි.

මන්ත්‍රිවරයා මේ බව පැවැසුවේ ඊයේ (16දා) කොළඹ පදනම් ආයතනයේ පැවැති ශිෂ්ටත්වය වෙනුවෙන් සම්මත කළයුතු 20 මැයෙන් සංවිධානය කළ සම්මන්ත්‍රණය අමතමිනි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon