වැවේ දිය නෑමට ගිය මවත් දියණියත් ගිලී මිය ගිහින්

  👤  3963 readers have read this article !
By mawbima 2018-05-17

නව මැදගම - ශාන්ත වෙලගෙදර, සිරිපුර - වාසනා ගලප්පත්ති

දෙහිඅත්තකණ්ඩිය බිහිරිසොරොව්ව වැවේ දිය නෑමට ගිය 34 හැවිරිදි මවක් හා ඇගේ සිවු හැවිරිදි දියණිය ඊයේ (16දා) දියේ ගිලී මියගොස් ඇත.
මියගොස් ඇත්තේ දෙහිඅත්තකණ්ඩිය පදිංචි ආර්.ඩී.ඩී. ධම්මිකා කුමාරි හා ඇගේ දියණිය වන එච්.එම්. කමේෂාය.

මෘත ශරීර දෙහිඅත්තකණ්ඩිය රෝහලේ තැන්පත් කොට තිබේ.

දෙහිඅත්තකණ්ඩිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.එම්.සී.සී. හේරත් මහතා, සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති වික්‍රමසිංහ මහතා ඇතුළු නිලධාරීහු මේ පිළිබඳව පරීක්ෂණ පවත්වති.

මේ දිනවල පවතින අධික වැස්ස හේතුකොටගෙන දෙහිඅත්තකණ්ඩිය කුඩා වැව් කිහිපයකම ජලය වැඩිවී ඇති අතර ඒවායේ බහුල ලෙස රොන් මඩ එකතු වී ඇති බවද දැනගන්නට තිබේ.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon