තෙල් මිලට එරෙහිව අමුතු මාදිලියක උද්ඝෝෂණයක්

  👤  3843 readers have read this article !
By mawbima 2018-05-17

ඉමදුව- ටී. විතානවසම්, අහංගම-එන්.ජී. ලියනගේ

රජය විසින් ඉන්ධන මිල ඉහළ දැමීමට විරුද්ධව සමස්ත ලංකා පොදු ධීවර සංගමය විසින් සංවිධාන කරන ලද අපූරු පන්නයේ උද්ඝෝෂණයක් ඊයේ (16දා) සවස 6.30ට පමණ ගාල්ල දුම්රිය ස්ථානය ඉදිරිපිටින් ආරම්භ විය.

උද්ඝෝෂණයට පැමිණි සියලු දෙනා පන්දම් දල්වාගෙන විරෝධතා පාඨ කියමින් මෙසේ ගාල්ල නගරය පුරා සංචාරය කළහ.
'ධීවර රැකියා අනතුරේ'

තෙල් මිල වහා අඩු කරනු. භූමිතෙල් මිල 130%ක් ඉහළට, ධීවරයා මුහුදෙන් ගොඩට, දියව්, දියව් සහන දියව්, ධීවරයාට සහන දියව්, යන සටන් පාඨ කියමින් ගාල්ල නගරය පුරා ගමන් කරමින් මෙම විරෝධතාව පැවැත්වූහ.

උද්ඝෝෂණයේ නිරත වූ පිරිස ගාල්ල නගරයේදී රැස්වීමක්ද පැවැත්වීමෙන් පසුව විසිර ගියහ. මෙම අවස්ථාව සඳහා සමස්ත ලංකා පොදු ධීවර සංගමයේ ලේකම් රත්න ගමගේ ඇතුළු විශාල පිරිසක් උද්ඝෝෂණයට සහභාගි වූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon