ඉන්ධන ගැළපුම් ගාස්තුවත්,ඉන්ජිනේරුවන්ගේ උපයන විට බද්දත් ගෙවන්නේ විදුලි පාරිභෝගිකයන්

  👤  3887 readers have read this article !
By mawbima 2018-05-17

හර්ෂනී අර්සකුලරත්න

ඉන්ධන ගැළපුම් ගාස්තු පමණක් නොව විදුලි ඉන්ජිනේරුවන්ගේ උපයන විට බද්දත් ගෙවීමට සිදුව ඇත්තේ පාරිභෝගිකයන් ගෙවන විදුලි බිලෙන් බවත් එසේ විදුලි ඉන්ජිනේරුවන්ගේ උපයන විට බද්ද පාරිභෝගිකයන් ගෙවද්දීත් අකුරට වැඩකරමින් පාරිභෝගිකයන් අපහසුතාවට පත් කිරීම අසාධාරණ බවත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.

2009 වර්ෂයේ සිට මේ දක්වා පාරිභෝගිකයන් විදුලි ඉන්ජිනේරුවන්ගේ උපයන විට බද්ද ලෙස රුපියල් මිලියන 1407ක් ගෙවා ඇති බවත් සාමාන්‍යයෙන් මේ බද්දසේවකයා විසින් ගෙවිය යුතු වුවත් විදුලි ඉන්ජිනේරුවරුන්ගේ මේ බදු විදුලි බිලට එකතු කර ඇති බවත් එම ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ සඳහන් කරයි.

මෙරට විශාල විදුලි මාෆියාවක් ක්‍රියාත්මක වෙද්දී, විදුලිබල ක්‍ෂේත්‍රයේ විශාල වංචා දූෂණ සිදුවෙද්දී ඊට එරෙහිව හඬක් නොනඟන විදුලි ඉන්ජිනේරුවරුන්ගේ සංගමය ජනන සැලැස්මක් සඳහා කිඹුල් කඳුළු හෙළමින් අකුරට වැඩකිරීම ගැටලුවක් බවත් ඔහු පවසයි.

විදුලි පාරිභෝගිකයන් ලෙස සියලු දෙනා ඉල්ලා සිටින්නේ විදුලි ඉන්ජිනේරු සංගමයේ පැවැත්ම සඳහා පාරිභෝගිකයන් ප්‍රාණ ඇපයට නොගන්නා ලෙස යැයිද හෙතෙම වැඩිදුරටත් අවධාරණය කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon