කෝටිපති ව්‍යාපාරිකයකු මෙහෙයවන ජාවාරමක් ලක්ෂ 13ක කසළ තේ තොගයක් සමඟ දෙදෙනකු අත්අඩංගුවට

  👤  3720 readers have read this article !
By mawbima 2018-05-17

ගම්පොළ - මාධව බණ්ඩාර

කසළ තේ තොගයක් රැගත් ලොරි රථයක් උඩුනුවර වෙලම්බොඩ පොලිසිය මඟින් ගම්පොළ කඩුගන්නාව මාර්ගයේ මාණික්කාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
රුපියල් ලක්ෂ 13ක වටිනාකමින් යුත් කසළ තේ කිලෝ 4,750ක් මෙහි තිබූ බව පරීක්ෂණ පවත්වන වෙලම්බොඩ පොලිසිය සඳහන් කරයි.
කෝටිපති ව්‍යාපාරිකයකු විසින්

මෙහෙය වන මෙම කසළ තේ ජාවාරම පොලිසිය මඟින් රාත්‍රිය පුරා මඟ රැක ඊයේ (16දා) අලුයම අත්අඩංගුවට ගෙන තිබිණි.

මෙම තේ කොළ ඇසුරුම් කර තිබූ කවර තුළ ශ්‍රී ලංකා ප්‍රමිති සහතිකය පවා යොදා තිබූ අතර එවැනි බෑග් 139ක් මෙහි තිබී ඇත.

මේ ආකාරයට ශ්‍රී ලංකා තේ නාමය හා එස්.එල්.එස්. සහතිකය යොදා මොවුන් මෙම කසළ තේ විදේශගත කිරීම කාලාන්තරයක් තිස්සේ සිදුකරන බවද අනාවරණය වී තිබේ.

මෙම තේ කසළ තොගය සමඟ පුද්ගලයන් දෙදෙනකුද සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර තේ පරීක්ෂාව සඳහා තේ පර්යේෂණ ආයතනය වෙත යොමු කිරීමට කටයුතු යොදා ඇත. වෙලම්බොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ශාන්ත බණ්ඩාර මහතාගේ උපදෙස් මත අපරාධ අංශ ස්ථානාධිපති උ.පො.ප. මංජුල සේනාරත්න, පො.කො. මධුසංක (88805), බුද්ධික (19607) යන නිලධාරීහු පරීක්ෂණ පැවැත්වූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon