බෙන්තොට ප්‍රා. සභාපතිගෙන් ලක්ෂ 10ක අල්ලසක් ගත්තේ යැයි වලල්ලාවිට හිටපු ප්‍රා. සභාපතිට එරෙහි නඩුව ජූලි 5 වැනිදා

  👤  3836 readers have read this article !
By mawbima 2018-05-17

කේ.එස්. උදයකුමාර්

වලල්ලාවිට ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය හරහා බෙන්තොට ප්‍රදේශයට පස් ප්‍රවාහනය කිරීමට අවශ්‍ය බලපත්‍රයක් ලබාදීම සඳහා බෙන්තොට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ක්‍රිෂාන්ත පීරිස් මහතාගෙන් රුපියල් ලක්ෂ 10ක අල්ලසක් ලබා ගත්තේ යැයි චෝදනා ලබා සිටින වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති උදේනි අතුකෝරාල මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුව ජූලි මස 05 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඊයේ (16දා) නියෝග කළේය.

මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී පරිගණක සාක්ෂි පරීක්ෂා කිරීමේ කාර්යය සඳහා කල් අවශ්‍ය බව විත්ති පාර්ශ්වය විසින් අධිකරණයට දන්වන ලදී.

ඒ අනුව පරිගණක සාක්ෂි විමර්ශනය සඳහා දෙපාර්ශ්වයේ නීතිඥවරුන්ට අධිකරණය විසින් ජූලි මස 5 වැනිදා දක්වා කල් ලබාදෙන ලදී.

වලල්ලාවිට ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය හරහා බෙන්තොට ප්‍රදේශයට පස් ප්‍රවාහනය කිරීමට අවශ්‍ය බලපත්‍රය ලබාදීම සඳහා 2013 වසරේ ජුනි මස 12 වැනිදා බෙන්තොට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ක්‍රිෂාන්ත පීරිස් මහතාගෙන් රුපියල් ලක්ෂ 15ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ඉන් රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබා ගැනීම මඟින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම මඟින් විත්තිකාර උදේනි අතුකෝරාල මහතාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon