ගිරිහඬු සෑයේ සංරක්ෂණ කටයුතු ගැන ආණ්ඩුවේ අවධානය

  👤  3905 readers have read this article !
By mawbima 2018-05-17

හර්ෂනී අර්සකුලරත්න

වසර 2500ක් පමණ පැරැණි මෙරට පැරැණිතම බෞද්ධ විහාරය වන ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ තිරියායේ පිහිටි ගිරිහඬු සෑය විහාරස්ථානයේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා ගිරිහඬු සෑය විහාර පූජා නගර සංවර්ධන පදනම පිහිටුවමින් ඒ ආශ්‍රිත පවතින ගැටලු නිරාකරණය කිරීමට ආණ්ඩුවේ අවධානය යොමු වී තිබේ.

ගිරිහඬු සෑය විහාරාධිපති දෙවිනුවර චන්දිම හිමියන් පෙන්වා දෙන ආකාරයට විහාර ප්‍රවේශ මාර්ගය අබලන්ව පැවැතීම, පානීය ජල ගැටලුව මෙන්ම එහි පෞරාණික වටිනාකමින් යුත් සෙල් ලිපිය කඩිනමින් සංරක්ෂණය කළ යුතුව තිබේ.

මේ පිළිබඳ සාකච්ඡාවක් පසුගියදා කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති අතර විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරාගේ පූර්ණ මැදිහත් වීමෙන් මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

එහිදී පෞරාණික වටිනාකමින් යුත් සෙල් ලිපිය සංරක්ෂණය සඳහා වීදුරු ආවරණයක් සකස් කිරීම ඇතුළු පවතින ගැටලු කඩිනමින් නිරාකරණය කිරීම සඳහා යෝජනා රැසක් ඉදිරිපත් විය.

මේ අවස්ථාවට බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් නිමල් කොටවලගෙදර, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන අබ්දුල්ලා මහරුෆ්, සන්දිත් සමරසිංහ, කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් පී. තනේශ්වරන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon