ජාතික බීච් වොලිබෝල් ශූරතා තරගාවලියේ අවසන් තරග කොළඹ සුගතදාස පිටියේදී

  👤  3704 readers have read this article !
By mawbima 2018-05-17

ගමිත දෙහිපිටිය

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය, සන්ක්වික් ලංකා සමාගමේ අනුග්‍රාහකත්වයෙන් සංවිධානය කරන ලද 2018 ජාතික බීච් වොලිබෝල් ශූරතා තරගාවලියේ අවසන් මහා තරග මෙම මස 19 වැනිදා පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ අභිනවයෙන් ඉදි කරන ලද කෘත්‍රිම බීච් වොලිබෝල් පිටිය විවෘත කිරීමේ උත්සවයට සමගාමීව ජාතික බීච් වොලිබෝල් ශූරතා තරගාවලියේ වයස අවුරුදු 21න් පහළ පිරිමි අවසාන තරගය, ශ්‍රී ලංකා ගුවන් හමුදා සහ සීදුව දවිසමර විදුහල් කණ්ඩායම් අතරත්, විවෘත පිරිමි අවසන් තරගය ශ්‍රී ලංකා නාවික හමුදා සහ ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම් අතරත්, විවෘත කාන්තා අවසන් තරගය ශ්‍රී ලංකා නාවික හමුදා සහ ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම් අතරත් පැවැත්වේ.

මෙම තරගාවලිය පිළිබඳ මාධ්‍ය හමුවට සමගාමීව සන්ක්වික් බීච් වොලිබෝල් නිල ලාංඡනය එළිදැක්වීමද සිදු කෙරුණු අතර මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති, විදුලිබල සහ පුනර්ජනනීය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, සන්ක්වික් ලංකා ආයතනයේ අධ්‍යක්ෂ මංගල පෙරේරා, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ උපසභාපතිවරුන් වන නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි, කේ. ආර්. ඩී. එස්. රත්නමුදලි, වොලිබෝල් සම්මේලනයේ ප්‍රධාන ලේකම් ඒ. එස්. නාලක සහ සී. ඩබ්ලිව්. මැකී පී.එල්.සී. සමාගමේ මෙහෙයුම් නිලධාරී ජෙරොම් ජයසිංහ යන මහත්වරුද සහභාගි වූහ.

ඡායාරූපය - සරත් කුමාර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon