රග්බි ගහන්න කොළඹ ආ අනෙක් බි්‍රතාන්‍ය ක්‍රීඩකයාත් මිය යයි

  👤  4309 readers have read this article !
By mawbima 2018-05-16

චාමර අමරසූරිය

කොළඹ පැවැති සුහද රග්බි තරගාවලියකට සහභාගි වීම සඳහා මෙරටට පැමිණ තරගාවලියෙන් පසුව ශ්වසන අපහසුතාවකට පත්ව කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයක ප්‍රතිකාර ලබමින් සිටි අනෙක් බි්‍රතාන්‍ය ජාතික රග්බි ක්‍රීඩකයාත් ඊයේ (15දා) ජීවිතක්ෂයට පත්විය.

මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ 27 හැවිරිදි වියෙහි පසුවූ බෙට් තෝමස් රිඩ් නමැත්තෙකි.

ඉකුත් 13දා ජීවිතක්ෂයට පත්වූ බි්‍රතාන්‍ය ජාතික 26 හැවිරිදි හාවඩ් තෝමස් ඇන්ඩෘගේ පශ්චාත් මරණ පරීක්ෂණයද ඊයේ (15දා) පැවැත්විණි.
කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි එස්.එන්. රුහුල් හක් මහතා විසින් එම පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ අතර මෙම මරණය තුවාල සිදුවීමකින් හෝ රෝගයකින් සිදුවූ මරණයක් නොවීම හේතුවෙන් විවෘත තීන්දුවක් ලබාදී තිබේ.

එසේම සිරුරේ කොටස් වැඩිපුර පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂක වෙත යැවීමට තීරණය කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

ශ්වසන ආබාධයක් හේතුවෙන් මියගිය මෙම ක්‍රීඩකයන් දෙදෙනා ඇතුළු 22 දෙනකුගෙන් යුත් බි්‍රතාන්‍ය ජාතික රග්බි කණ්ඩායමක් ඉකුත් 10දා මෙරටට පැමිණියහ.

ඉකුත් 12දා කොළඹ ක්‍රීඩාංගණයක පැවැති සුහද රග්බි තරගාවලියට සහභාගි වූ මෙම කණ්ඩායම එදින රාත්‍රියේ විනෝද වීම සඳහා කොල්ලුපිටිය ප්‍රදේශයේ රාත්‍රි සමාජ ශාලාවකට ගොස් ඇත.

පසුදින එනම් ඉකුත් 13දා මරණයට පත්වූ මෙම ක්‍රීඩකයන් දෙදෙනා ශ්වසන අපහසුතාවක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරනු ලැබීය.

එදින හාවඩ් තෝමස් ඇන්ඩෘ එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත් විය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon