බදු බරට-බඩු මිලට එරෙහිව ජවිපෙ පයින් යයි

  👤  4263 readers have read this article !
By mawbima 2018-05-16

අනුරාධා හේරත්

ආණ්ඩුවේ බදු බර හා ඉහළ යන බඩු මිලට එරෙහි මහා පා ගමනක් සහිත රැලියක් පැවැත්වීමට ජනතා විමුක්ති පෙරමුණ සැරසේ.

එහි ආරම්භක පියවර ලෙස ලබන 22දා කොළඹින් එම පෙළපාළිය අරඹන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති, ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත පැවැසීය.

ලාල්කාන්ත මහතා පැවැසුවේ පක්ෂ, පාට භේදයක් නොසලකා මෙම පොදුජන අරගලයට සියලු දෙනා ඒකරාශි විය යුතු බවය.

ආණ්ඩුව දණ ගස්වා ගෙදර යැවීමේ විකල්පය හැර වෙනත් ක්‍රියාමාර්ගයක් නොමැති බව පවසන ඒ මහතා ගොවි, ධීවර, ශිෂ්‍ය, කම්කරු, වෙනත් සිවිල් සංවිධාන, වෘත්තීය සමිති, මාධ්‍යවේදීන් ඇතුළු සියලු දෙනා තම අනන්‍යතාව සහිතව හෝ මීට සහභාගි විය යුතු බවද වැඩිදුරටත් දන්වා සිටී.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon