විදුලිය නැති නිවෙස් හිමියන්ට භූමිතෙල් සහනය සමෘද්ධිය සමඟ

  👤  4222 readers have read this article !
By mawbima 2018-05-16

දෙනගම ධම්මික රණවීර

විදුලිය නොමැති නිවාස හිමියන් 47,555 දෙනකුට සහ පිටත එන්ජින් සවිකරන ලද එක්දින බෝට්ටු හිමි ධීවරයන් 24,282 දෙනකුට භූමිතෙල් සහනාධාරය හිමි වන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

ඒ අනුව විදුලිය නොමැති නිවාස හිමියන් සඳහා භූමිතෙල් සහනාධාරය ජුනි මාසයේ සිට සමෘද්ධි මුදල සමඟ ගෙවීමටත්, ධීවරයන් සඳහා වන භූමිතෙල් සහනාධාරය ධීවර අමාත්‍යාංශය මඟින් අදාළ ධීවරයන් සමඟ සාකච්ඡා කර එකඟ වන ක්‍රමවේදයක් අනුව මුදල් වශයෙන් ලබා දීමටත් මහ බැංකුව තීරණය කර තිබේ.

ඉන්ධන මිල පසුගිය 10 වැනිදා වැඩි කළ අතර එහිදී භුමිතෙල් ලීටරයක මිල රුපියල් 44 සිට 101 දක්වා රුපියල් 57කින් ඉහළ නංවනු ලැබීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon