ශ්‍රී ලනිපය ආණ්ඩුවෙන් ඉවත්වන තීරණය හෙට

  👤  4246 readers have read this article !
By mawbima 2018-05-16

ඩබ්ලිව්. කේ. ප්‍රසාද් මංජු

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වහාම ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීම ඇතුළු යෝජනා 15කට හෙට (17දා) දින පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී අනුමැතිය ගැනීමට ක්‍රියා කරන බව හිටපු ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා 'මව්බිම'ට ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීමට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන තනතුරු වෙනස් කරමින් පක්ෂ ප්‍රතිසංවිධාන ක්‍රියාවලිය ආරම්භ කිරීම ඇතුළු කරුණු 15ක යෝජනාවක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනා විසින් භාරදුන් බවත් එම කරුණු 15 පිළිබඳව මධ්‍යම කාරක සභා රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන බවත් ඒකනායක මහතා පැවැසීය.

මීට අමතරව ඉන්ධන මිල වැඩිවීම, බදු බර ජනතාව මත පැටවීම ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන්ද මෙම විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙම විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට රාත්‍රි 7.00ට ජනාධිපති නිල නිවෙසේදී පැවැත්වීමට නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon