ආර්ථිකය ගැන මැති-ඇමැතිලාට ජනපතිගෙන් වැඩමුළුවක්

  👤  4225 readers have read this article !
By mawbima 2018-05-16

රජයේ ඒකාබද්ධ ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳ ආණ්ඩු පක්ෂයේ සියලු අමාත්‍යවරුන්ගේ, මන්ත්‍රිවරුන්ගේ සහ අමාත්‍යාංශ ලේකම්වරුන් මෙන්ම මහ බැංකු හා භාණ්ඩාගාර නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් විශේෂ එක් දින වැඩමුළුවක් පැවැත්වීමට ජනාධිපති "ජාතික ආර්ථික සභාව"ට උපදෙස් දෙයි.

මෙම වැඩසටහන පිළිබඳ ඔවුන් පුළුල් ලෙස දැනුවත් කිරීම සහ අදහස් සහ යෝජනා ලබා ගැනීම එහි අරමුණයි.
ජාතික ආර්ථික සභාව ඊයේ (15දා) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මෙම උපදෙස් ලබා දුන්නේය.

ජාතික ආර්ථික සභාව මඟින් ඉදිරිපත් කෙරුණු රජයේ ඒකාබද්ධ ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී කරුණු සාකච්ඡා කෙරිණි.

රජයේ ඒකාබද්ධ ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළ, ඒකාබද්ධ ශීඝ්‍රගාමී ග්‍රාමීය සංවර්ධන වැඩසටහන මූලික කර ගනිමින් ක්‍රියාවට නැංවීමට නියමිත අතර කෙටිකාලීන හා දිගුකාලීන වශයෙන් සාර්ව, ශුද්ධ සහ ව්‍යුහාත්මක යන කොටස් 3 යටතේ එම උපාය මාර්ග ක්‍රියාවට නැංවීම පිළිබඳ මෙහිදී අවධානය යොමු කෙරිණි.

මේ වැඩපිළිවෙළ දැනට ක්‍රියාත්මක සියලු සංවර්ධන වැඩසටහන් ඒකාබද්ධ කර ගනිමින් ක්‍රියාවට නැංවීම පිළිබඳවද අවධානය යොමු විය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon