ජ්ඛ්ධ්ච් ලොක්කා නුවර නියෝජ්‍ය පොලිස්පති?

  👤  4261 readers have read this article !
By mawbima 2018-05-16

චාමර අමරසූරිය

මහනුවර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන ඊ.එම්.එච්. ඒකනායක මහතා ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කර මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ප්‍රධානියා ලෙස පත් කිරීමට නියමිතව ඇතැයි ජාතික පොලිස් කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි වෛද්‍යලංකාර මහතා විශ්‍රාම යෑමත් සමඟ පුරප්පාඩු වූ එම ධුරය සඳහා ඊ.එම්.එච්. ඒකනායක මහතා මෙලෙස පත් කිරීමට නියමිතව ඇත.

ඒකනායක මහතාද මසක පමණ කාලයක් ඇතුළත විශ්‍රාම යෑමට නියමිතව ඇති අතර එම නිසා ඔහු ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කර මෙලෙස නව පත්වීම ලබාදීමට නියමිතව ඇති බවද පොලිස් කොමිෂන් සභා ආරංචි මාර්ග පවසයි.

මෙම උසස් වීම සහ නව තනතුරට පත් කිරීමට අදාළ අනුමැතිය හෙට (17දා) දින රැස්වන ජාතික පොලිස් කොමිෂන් සභා විධායක මණ්ඩල කමිටුවේදී ලබාගැනීමට නියමිතව ඇත.

එසේම ඊ.එම්.එච්. ඒකනායක මහතා විශ්‍රාම යෑමෙන් පසුව පුරප්පාඩු වන මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ තනතුර සඳහා නැවත රවී වෛද්‍යලංකාර මහතා පත්වීමට නියමිතව තිබේ.

ඒ මහතාට කැබිනට් මණ්ඩලය මඟින් වසරක සේවා දිගුවක් ලබාදුන් අතර ඊට අදාළව නැවත ඔහු ජුනි මස 16 වැනි දින මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ප්‍රධානි තනතුරේ සේවයට වාර්තා කිරීමට නියමිතය.

එම කොට්ඨාසයේ ආරම්භයේ සිට ප්‍රධානි ධුරය හෙබවූ රවී වෛද්‍යලංකාර මහතා ඉකුත් 14 වැනි දින වසර 60 සපිරීම හේතුවෙන් විශ්‍රාම ගියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon