පොළොන්නරුව එජාප සංවිධායක රිමාන්ඩ්

  👤  4608 readers have read this article !
By mawbima 2018-05-16

හිඟුරක්ගොඩ - ප්‍රියා, පොළොන්නරුව - බණ්ඩාර මුදියන්සේ

අනවසර ඉදිකිරීමක් ඉවත් කිරීමට ගිය පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වාරි ඉන්ජිනේරු අසේල උදයංග මහතාගේ රාජකාරියට බාධා කළ පොළොන්නරුව එජාප සංවිධායක සුජීව ගුණතිලක මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 21දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බව පොළොන්නරුව පොලිසිය කියයි. ඉන්ජිනේරුවරයාට පහර දීම සම්බන්ධයෙන් එක් සැකකරුවකු සිද්ධිය වූ දිනයේදීම පොළොන්නරුව පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඊයේ (15දා) දක්වා බන්ධනාගාරගත කර ඇත. එනමුත් ප්‍රධාන සැකකරු වන පොළොන්නරු දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සංවිධායක සුජීව ගුණතිලක අත්අඩංගුවට නොගැනීම නිසා පොළොන්නරුවේ වාරිමාර්ග කාර්යාලවල නිලධාරීන් ඇතුළු ගොවි සංවිධාන රැසක් විරෝධතාවක යෙදුණු අතර එයට සමගාමීව පෙරේදා (14දා) රට පුරා විරෝධතාවක්ද පැවැත්විණි.

මේ විරෝධතාකරුවන් පවසා සිටියේ ඉන්ජිනේරුවරයාට පහර දුන් ප්‍රධාන සැකකරු වන පොළොන්නරු දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරයා අත්අඩංගුවට ගන්නා ලෙසයි. ඒ අනුව පොලිසිය මඟින් ගුණතිලක මහතා අත්අඩංගුවට ගෙන පොළොන්නරුව අධිකරණයේ ලුෂාකා කුමාරි ධර්මකීර්ති මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරුවන් දෙදෙනාම ලබන 21දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon