තෙල් මිල ඉහළ යෑමෙන් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිලත් ඉහළ යා හැකියි

  👤  4373 readers have read this article !
By mawbima 2018-05-16

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය

බොරතෙල් මිල ඉහළ යෑම නිසා අත්‍යවශ්‍ය භාණ්ඩ බොහෝමයක මිල ඉදිරියේදී ඉහළ යා හැකි බවත් එය මේ මොහොතේ අසරණව සිටින ජනතාව අන්ත අසරණ භාවයකට පත් කිරීමක් බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 'මව්බිම'ට පැවැසීය.

මෙම තත්ත්වයෙන් වත්මන් ආණ්ඩුව පෙන්නුම් කරන නොහැකියාව සමනය කරගැනීම සඳහා සම්මුති ආණ්ඩුවේ ප්‍රකාශකයන් විවිධ දේවල් ජනතාවට ප්‍රකාශ කරන බවද හිටපු ජනාධිපතිවරයා පැවැසීය.

මේ සියලු ප්‍රශ්න හමුවේ වත්මන් ආණ්ඩුව මැතිවරණ පැවැත්වීමද කල් දමා ඇති අතර කල් දමා ඇති පළාත් සභා ඡන්දය වහාම පවත්වා ජනතාවට සුදුසු පාලනයක් රටෙහි ස්ථාපනය කිරීමට අවස්ථාව ලබා දිය යුතු බවද මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

එළැඹෙන ජාතික මැතිවරණයකදී සම්මුති ආණ්ඩුවට මුහුණ දීමට ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හොඳින් සූදානම් බවත් සම්මුති ආණ්ඩුවේ දුර්වලතා හඳුනාගනිමින් ඒවාට නිසි පිළිතුරු නිසි කලට ලබාදීමට තමා ඇතුළු ඒකාබද්ධ විපක්ෂය සූදානම් බවත් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon