ප්‍රයිවට් බස් වර්ජනය කළොත් ලංගමෙන් අමතර බස් 1,500ක්

  👤  4248 readers have read this article !
By mawbima 2018-05-16

නුවන් හෙට්ටිආරච්චි

අද (16දා) මධ්‍යම රාත්‍රියේදී ඇරැඹීමට නියමිත පෞද්ගලික බස් රථ වර්ජනයෙන් ජනතාවට සිදුවිය හැකි පීඩාව අවම කිරීම සඳහා ශ්‍රී ලංගම බස් රථ 5,000ක ධාවන ඇණියට අමතරව තවත් අමතර බස් රථ 1,500ක් යොදවන බව ශ්‍රී ලං.ග.ම. සභාපති රමාල් සිරිවර්ධන මහතා පවසයි.

සාමාන්‍ය දිනවලදී ධාවනය කරන ශ්‍රී ලං.ග.ම. බස් රථ ධාවන වේලාවල් වෙනස් කර මගීන් රැස්වන ආකාරයට එම මගීන් අදාළ ස්ථාන දක්වා ප්‍රවාහනය කිරීමට කටයුතු සැලසුම් කර ඇතැයිද සභාපතිවරයා සඳහන් කරයි.

සෑම ප්‍රධාන දුම්රිය ස්ථානයකම සිට කොළඹ හා අවට උප නගර දක්වා මගීන් ප්‍රවාහනය කිරීමට සැලසුම් සකස් කර ඇතැයි පෙන්වාදෙන සභාපතිවරයා දුර ගමන් සඳහාද මගීන්ට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් අපහසුවකින් තොරව ලබා දීමට කටයුතු යොදා ඇතැයිද ප්‍රකාශ කරයි.
මේ වන විට ශ්‍රී ලං.ග.ම.යේ සියලුම බස් රියැදුරන්, කොන්‍ෙදාස්තරවරුන් සහ කාර්මිකයන්ගේ නිවාඩු අවලංගු කර ඇති බවද හෙතෙම සඳහන් කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon