මවත් දුවත් ගමන්ගත් මෝටර් රිය දුම්රියේ හැපෙයි

  👤  4418 readers have read this article !
By mawbima 2018-05-16

පනාගොඩ - චම්පා ජීවන්ති

කැලණිවැලි දුම්රිය මාර්ගයේ මීගොඩ පැල්පොලවත්ත අනාරක්ෂිත දුම්රිය මාර්ගයෙන් ඇතුළු කිරීමට ගිය මෝටර් රථයක් දුම්රියේ ගැටීමෙන් ඊයේ (15දා) සවස සිදුවූ අනතුරින් බරපතළ තුවාල ලැබූ මෝටර් රථයෙහි ගමන් ගත් මවක සහ දියණියක හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි මීගොඩ පොලිසිය පවසයි.

මීගොඩ සිට තම දරුවා අමතර පන්තියකට සහභාගි කරවීම සඳහා සිය මෝටර් රථයෙන් ගෙන යන අවස්ථාවේදී මෙලෙස මෝටර් රථය පාදුක්ක සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියෙහි ගැටී මීටර් සියයක පමණ දුරක් මෝටර් රථය ඇදගෙන ගොස් නැවතී ඇති බවද පොලිසිය පවසයි.

හෝමාගම මූලික රෝහලට ඇතුළත් කරන ලද මවගේ තත්ත්වය යහපත් අතට පත්වෙමින් පවතින මුත් දියණියට තරමක් බරපතළ තුවාල ඇතැයි හෝමාගම මූලික රෝහලේ ප්‍රකාශකයෙක් පැවැසීය.

මෙම අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගය පිළිබඳව මාධ්‍ය මඟින්ද කීපවිටක් දැනුවත් කළද දුම්රිය බලධාරීන් හෝ අදාළ දුම්රිය ගේට්ටුව සම්බන්ධයෙන් වගකීම දරන මීගොඩ පොලිසියේ නිලධාරීන් කිසිදු පියවරක් නොගැනීම සම්බන්ධයෙන් මෙහිදී ප්‍රදේශවාසීහු සිය විරෝධය පළ කළහ.

මෝටර් රථය දුම්රියේ ගැටෙන ආකාරය අසල වෙළෙඳසලක තිබූ ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබූ අයුරු සහ අනතුරට පත් මෝටර් රථය ඡායාරූපවල දැක්වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon