විශ්‍රාමික කලාකරුවන්ට මාසික දීමනා ප්‍රදානය ජනපති ප්‍රධානත්වයෙන්

  👤  4352 readers have read this article !
By mawbima 2018-05-16

පහන් විජේසේකර

දේශීය සිනමාව පෝෂණ කිරීමට කාලය, ශ්‍රමය කැප කොට විශ්‍රාමිකව සිටින කලාකරුවන් අගය කිරීම පිණිස මාසික දීමනාවක් ප්‍රදානය කිරීමේ සමාරම්භක උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15දා) ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී පැවැත්විණි.

1987 වසරේ රුපියල් 500කින් ආරම්භ වූ මෙම දීමනාව පසුකාලීනව රුපියල් 2000 දක්වා වර්ධනය වී කලාකරුවන් 57 දෙනකු වෙනුවෙන් පිරිනැමුණු අතර 1998 වසරෙන් පසුව එම මුදලේ වර්ධනයක් සිදු නොවිණි.

රුපියල් 2000ක්ව පැවැති මෙම දීමනාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි පසුගිය අය _ වැය යෝජනාවලින් රුපියල් 5,000 දක්වා ඉහළ නැංවිණි.
ඒ අනුව මෙම අප්‍රේල් මස සිට ක්‍රියාත්මක වන පරිදි කලාකරුවන් 163 දෙනකු වෙනුවෙන් රුපියල් 5,000 බැගින් මෙම දීමනාව පිරිනැමෙන අතර, 2016 මාර්තු 31 දක්වා ලද අයැදුම්පත් අනුව වයස අවුරදු 60 සම්පූර්ණ වී දැනට ඉල්ලුම් කර ඇති කලාකරුවන් මේ සඳහා තෝරාගෙන තිබේ.

දීමනා ප්‍රදානය සංකේතවත් කරමින් කලාකරුවන් 20 දෙනකු වෙත අදාළ චෙක්පත් පිළිගැන්වීම ජනාධිපතිවරයා අතින් සිදුවිය.

චිත්‍රපට ශිල්පීන් සඳහා විශ්‍රාම වැටුප් ලබාදීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ රංජිත් මද්දුමබණ්ඩාර, විජයදාස රාජපක්ෂ, චිත්‍රපට සංස්ථාවේ සභාපති සිතේන්ද්‍ර සේනාරත්න මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් ඊයේ (15දා) චිත්‍රපට සංස්ථාවේදී පැවැත්විණි.

ඡායා - දුමිඳු වනිගසේකර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon