රුවන් විජේවර්ධන කමිටු වාර්තාව හෙළි කරන්න

  👤  4232 readers have read this article !
By mawbima 2018-05-16

රත්තොට - රිචඩ් ද සිල්වා, ආරියරත්න ගනේගොඩ

ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජේවර්ධන කමිටු වාර්තාවේ ඇතුළත් කරුණු ජනතාවට හෙළි කරන ලෙස එක්සත් ජාතික පක්ෂයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් අලුවිහාරේ මහතා එම කමිටුවෙන් ඉල්ලීමක් කරයි.

මේ කමිටුව පත් කෙරුණේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධානය කිරීමේ කටයුතු සඳහා යෝජනා ඉදිරිපත් කිරීමේ අරමුණෙනි. එම කමිටුවේ නිර්දේශයන්ට අනුව ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් අපේක්ෂකයකු ඉදිරිපත් විය යුතු බව රංජිත් අලුවිහාරේ මහතා 'මව්බිම'ට කීය.

කෙසේ වෙතත් ඉදිරියේදී මේ මන්ත්‍රිවරුන් 6 දෙනාට නියෝජ්‍ය ඇමැති ධුර පිරිනැමීමට නියමිත බව දේශපාලන ආරංචි ගෙනහැර දැක්වුවද ඒ පිළිබඳව තමන්ට විශ්වාසයක් නොමැති බව මව්බිම කළ විමසුමකදී රංජිත් අලුවිහාරේ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon