වැටුප් විසමතා ගැන සාකච්ඡා කරන්න ජුනි 01දාට කලින් අවස්ථාවක් දෙන්න

  👤  4352 readers have read this article !
By mawbima 2018-05-16

උදයන්ති මුණසිංහ

විදුහල්පති හා ගුරු වැටුප් විසමතා සහ අනෙකුත් ගැටලු පිළිබඳ විධිමත් ලෙස සාකච්ඡා කිරීමට එළැඹෙන ජුනි 01දාට පෙර දිනයක් ලබා නොදෙන්නේ නම් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව සමස්ත ලංකා උපාධිධාරී ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ඊ.එම්.ජේ.එස්. ද සේරම් අවධාරණය කරයි.

ජුනි 01දාට පෙර සාකච්ඡාවක් ලබා නොදෙන්නේ නම් ශේ‍ර්ෂ්ඨාධිකරණයට සහ මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරන බවත් එළැඹෙන අගෝස්තු මාසයේදී පැවැත්වෙන අ.පො.ස. උසස් පෙළ විභාග වැඩවලින්ද ඉවත් වන බවත් හෙතෙම අවධාරණය කරයි.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අධ්‍යාපන අමාත්‍ය ධුරය දැරූ පසුගිය වසර තුනහමාරකට ආසන්න කාලය පුරාවට මේ ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට අවස්ථාව දෙන ලෙස ඉල්ලා ලිඛිත ඉල්ලීම් සිදු කළද කිසිවකට පිළිතුරු ලබා නොදුන් බවද ඔහු පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් ලිඛිත ඉල්ලීම් සිදු කළද ඒවාටද කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වූ බවත් ගුරු වැටුප් සාධාරණ තලයක තබන ලෙසට

ශේ‍ර්ෂ්ඨාධිකරණය විසින් 2008 වසරේදී ලබාදුන් තීන්දු නිසි ලෙස ක්‍රියාත්මක කර නොමැති අතර 2014දී ප්‍රකාශයට පත් කළ විදුහල්පති හා ගුරු නව සේවා ව්‍යවස්ථාවන්ද නිවැරැදිව ක්‍රියාත්මක නොවන බවටත් ඔහු චෝදනා කරයි.

මේ නිසා 250,000කට ආසන්න ගුරුවරුන්ද 20,000කට ආසන්න විදුහල්පතිවරුන්ද ඉතා බරපතළ වැටුප් විසමතාවන්ට ගොදුරු වී සිටින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon