කථානායකගෙන් ප්‍රකාශයක් ගන්න සී.අයි.ඩී. සැරැසෙයි

  👤  4378 readers have read this article !
By mawbima 2018-05-16

චාමර අමරසූරිය

මාධ්‍යවේදී කීත් නොයාර් පැහැර ගෙන ගොස් අමානුෂික ලෙස වදහිංසා පැමිණවීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුවන විමර්ශනවලට අදාළව මේ සතිය ඇතුළත කථානායක කරු ජයසූරිය මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කිරීමට නියමිතව ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ගයන් සඳහන් කරයි.

මීට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීමට අවශ්‍ය බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කථානායකවරයා දැනුවත් කර ඇති බවද එම ආරංචි මාර්ගයන් පවසයි.

මෙම ප්‍රකාශ සටහන් කර ගැනීම පාර්ලිමේන්තු සංකීර්ණය තුළදී සිදු කිරීමට අපරාධ පරීක්ෂණ

දෙපාර්තමේන්තු නිලධාරීන් කටයුතු යොදා තිබේ. කථානායකවරයා මීට අදාළ ප්‍රකාශ ලබාදීමට හැකි දිනයක් දැන්වූ විගස එම ප්‍රකාශ සටහන් කර ගැනීමට කටයුතු යොදා ඇතැයිද පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් එවක ජනාධිපති ධුරය හෙබවූ මහින්ද රාජපක්ෂ මහතාට ඒ බව පළමුව දන්වා ඇත්තේ කරු ජයසූරිය මහතා බවද පැවැසේ.
එවක කරු ජයසූරිය මහතා රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා ලෙස කටයුතු කෙළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon