ගිය වසරේදී වාණිජ බැංකුවල අක්‍රිය ණය ඉහළ යයි

  👤  4452 readers have read this article !
By mawbima 2018-05-16

ආරියරත්න ගනේගොඩ

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල අක්‍රිය ණය ප්‍රමාණය 2017 වසරේදී රුපියල් කෝටි 1800කින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. 2017 වසරේදී මෙරට බැංකු අංශයෙන් වැඩිපුරම ණය නිකුත් කර ඇත්තේ පරිභෝජනය, ඉදිකිරීම්, වෙළෙඳ, නිෂ්පාදන, කෘෂිකර්ම හා ධීවර යන ප්‍රධාන ක්‍ෂේත්‍රවලට බවද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. මේ අතර 2017 වසර අවසානය වන විට ශ්‍රී ලංකාවේ බැංකු අංශයේ මුළු වත්කම් ප්‍රමාණය රුපියල් ටි්‍රලියන 10 ඉක්මවමින් 13.8%ක වර්ධනයක් පෙන්නුම් කර තිබේ. ශ්‍රී ලංකාවේ මුළු බලපත්‍රලාභී වාණිජ බැංකු සංඛ්‍යාව 25ක් වන අතර එය දේශීය බැංකු 13කින් හා විදේශීය බැංකු 12කින් සමන්විත වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon