ග්‍රාම නිලධාරි පුරප්පාඩු බඳවා ගැනීම් ඉදිරි සති කිහිපය තුළ

  👤  4338 readers have read this article !
By mawbima 2018-05-16

ත්‍යාගා ශ්‍රී මාලි බණ්ඩාර

දිවයින පුරා තිබෙන ග්‍රාම නිලධාරි පුරප්පාඩු සඳහා නිලධාරීන් බඳවා ගැනීමේ කටයුතු ඉදිරි සති කිහිපය අවසන් වීමට පෙර සිදුකිරීමට නියමිත බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි. ග්‍රාම නිලධාරි වසම් 14,022ක් අතුරින් වසම් 2,000කට ආසන්න ප්‍රමාණයක මේ වන විට ග්‍රාම නිලධාරි පුරප්පාඩු තිබෙන අතර ආසන්න වසම්වල නිලධාරීන් එහි රාජකාරි කටයුතු ආවරණය කරයි.

2016 වසරේදී පැවැති ග්‍රාම නිලධාරීන් බඳවා ගැනීමේ තරග විභාගයට මුහුණ දුන් අපේක්ෂකයන් 3,568 දෙනකු අතුරින් ලිඛිත හා සම්මුඛ පරීක්ෂණයෙන් ඉහළ සාමාර්ථ ලැබූ අපේක්ෂකයන් 1739 දෙනකුට ඉදිරි සති කිහිපය තුළදී නව පත්වීම් ලබාදීමට නියමිත බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon