වැලි මිල පාලනය කරන්න භූවිද්‍යා කාර්යාංශයෙන් වැලි උර

  👤  4398 readers have read this article !
By mawbima 2018-05-16

ඉෂාරා සිල්වා

වැලි මිල පාලනය කිරීම සඳහා හලන ලද ප්‍රමිතියෙන් යුතු වැලි උර වෙළෙඳපොළට නිකුත් කිරීමට පියවර ගන්නා බව භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අසේල ඉද්දවෙල මහතා පවසයි.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත කරන ලද විධිමත් සොයා බැලීමකින් අනතුරුව වැලි මිල පාලනය කිරීමේ අරමුණෙන් මේ ක්‍රියාමාර්ගයට එළැඹි බව සභාපතිවරයා සඳහන් කළේය. භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ පැවැති ප්‍රගති සමාලෝචන වැඩසටහනකට සහභාගි වෙමින් ඒ මහතා කියා සිටියේ ජාවාරම්කාර වැලි ව්‍යාපාරිකයන්ගෙන් ජනතාව මුදා ගැනීමට තම කාර්යාංශය ගත හැකි සෑම පියවරක්ම ඉදිරියේදී ගන්නා බවයි.

විශේෂයෙන් කුඩා ඉදිකිරීම් කටයුතුවලදී නාගරික ජනතාව වැලි සපයා ගැනීමේදී විශාල අර්බුදයකට මුහුණ දෙන බැවින් ඒ පිළිබඳව අවධානය යොමු කරමින් කිලෝ 50, 25 සහ 10 යන ප්‍රමාණවලින් වැලි උර වෙළෙඳපොළට නිකුත් කරන බවත් සමාජ සත්කාරයක් ලෙස ක්‍රියාවට නැඟෙන මේ ව්‍යාපෘතිය තුළින් ආර්ථික ලාභයක් අපේක්ෂා නොකරන බවත් ඉද්දවෙල මහතා වැඩිදුරටත් පැවැසීය

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon