යලට අවශ්‍ය පොහොරවලින් 21%ක් ගොවිජන සේවා මධ්‍යස්ථානවලට

  👤  4381 readers have read this article !
By mawbima 2018-05-16

ත්‍යාගා ශ්‍රී මාලි බණ්ඩාර

මේ වසරේ යල කන්නය සඳහා අවශ්‍ය පොහොරවලින් 21%ක ප්‍රමාණයක් මේ වන විට ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත නිකුත් කර ඇති බව ජාතික පොහොර ලේකම් කාර්යාලය ප්‍රකාශ කරයි.

ඒ ඒ පළාත්වල ගොවිජන සේවා මධ්‍යස්ථාන මඟින් කරන ලද ඉල්ලීම පරිදි යූරියා පොහොර මෙ.ටො. 10,798.96ක්, ටී.එස්.පී. පොහොර (මඩ පොහොර) මෙ.ටො. 2,903.55ක්, එම්.ඕ.පී. (බණ්ඩි පොහොර) මෙ.ටො. 4,332.80ක් වශයෙන් සම්පූර්ණ පොහොර මෙ.ටො. 18,096.31ක් ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත බෙදා හැරීමට ජාතික පොහොර ලේකම් කාර්යාලය පියවර ගෙන ඇත.

මින් වැඩිම පොහොර ප්‍රමාණයක් ලබාදී තිබෙන්නේ නැඟෙනහිර පළාතටයි. එම පළාතට යූරියා පොහොර මෙ.ටො. 4,104ක්, ටී.එස්.පී. පොහොර මෙ.ටො. 947.8ක්, එම්.ඕ.පී. පොහොර මෙ.ටො. 1,718ක් සපයා තිබේ. මීට අමතරව උතුරු මැද පළාතට යූරියා පොහොර මෙ.ටො. 2,656ක්ද, ටී.එස්.පී. පොහොර මෙ.ටො. 513ක්, එම්.ඕ.පී. පොහොර මෙ.ටො. 326ක්ද වශයෙන් වී වගාව සඳහා බෙදාහැර තිබේ.

මීට අමතරව ලංකා පොහොර සමාගම මඟින් මේ මස 10 වැනි දින වන විට යූරියා පොහොර 19.8%ක්ද, ටී.එස්.පී. 21.4%ක්ද, එම්.ඕ.පී. 28.4%ක්ද වශයෙන් පොහොර බෙදා හැර තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon