මධ්‍යම අධිවේගයේ පළමු අදියරට චීනයෙන් ණයක්

  👤  4362 readers have read this article !
By mawbima 2018-05-16

හර්ෂනී අර්සකුලරත්න

මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියරේ ඉදිකිරීම් සඳහා චීන එක්සිම් බැංකුව මඟින් ඇමෙරිකානු ඩොලර් බිලියන 1 ණය මුදලක් ලබාදීමටත් මෙරට චීන තානාපතිවරයා එකඟත්වය පළකොට තිබේ. ඒ සඳහා වන පරිපාලන හා නීතිමය කටයුතු කඩිනම් කරන ලෙස මෙරට චීන තානාපතිවරයා ඉල්ලා ඇති අතර මේ ණය මුදල ශ්‍රී ලංකා රුපියල් බිලියන 159ක් වේ.

මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියරේ ඉදිකිරීම් සඳහා රුපියල් බිලියන 158.03ක මුදලක් වැය වන බවට ඇස්තමේන්තු කර ඇති බව එහි ව්‍යාපෘති අධ්‍යක්ෂ සරත් කුමාර 'මව්බිම'ට පැවැසීය.

මෙතෙක් අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සඳහා රුපියල් බිලයන 1 1/2කට අධික මුදලක් වැය වී ඇති බවත් ණය වාරිකය නිර්දේශ වන තුරු මධ්‍යම අධිවේගී මාර්ගයේ

පළමු අදියරේ කොන්ත්‍රාත් කටයුතු සිදුකරන මෙට්‍රොලොජිකල් කෝපරේෂන්

ඔෆ් චයිනා සමාගම විසින් එම වැය බර දරමින් ඉදිකිරීම් කටයුතු සිදුකළ බවත් ඔහු පැවැසුවේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon