පීඩන අවපාතය අරාබි මුහුද දෙසට : ඒත් වැස්සෙන් අඩුවක් නැහැ

  👤  4384 readers have read this article !
By mawbima 2018-05-16

ඉෂාරා සිල්වා

ශ්‍රී ලංකාවට නිරිත දෙසින් පැවැති පීඩන අවපාතය මේ වන විට කොළඹ සිට කිලෝමීටර් 550ක් දුරින් ස්ථානගතව පවතින අතර එය අරාබි මුහුද දෙසට ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ හේතුවෙන් දිවයිනට වන බලපෑම ක්‍රමයෙන් අඩුවන නමුත් වවුනියාව, මන්නාරම, පුත්තලම සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලට මිලිමීටර් 75ක පමණ තද වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

උතුරු මැද පළාත, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල පැයට කිලෝමීටර් 50 දක්වා වූ තද සුළං බලාපොරොත්තු විය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි.

මේ අතර දිවයිනේ ප්‍රදේශ රැසකට ඇදහැලුණු වර්ෂාපතනයත් සමඟ පස් කඳු කඩා වැටීම් සහ ජල ගැලීම් සිදුව තිබේ.

පස් කඳු කඩාවැටීම හේතුවෙන් අවහිර වී තිබූ කෑගල්ල - බුලත්කොහුපිටිය මාර්ගය ඊයේ (15දා) වන විට යථා තත්ත්වයට පත්කළ අතර මහනුවර - අනිවත්ත බිම්ගෙය අසලින් දිවෙන මාර්ගයට ගල් පෙරළීම හේතුවෙන් එම මාර්ගයද තාවකාලිකව වසා දැමිණි. මේ වන විට එය යථා තත්ත්වයට පත් කරමින් පවතී.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා කියා සිටියේ අධික වර්ෂාවත් සමඟ ජලාශවල ජල මට්ටම් ඉහළ යා හැකි බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන ලෙසයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon