අපි සහාය දෙන්නේ කාටද කියලා අවශ්‍ය වෙලාවට කියන්නම්

  👤  4471 readers have read this article !
By mawbima 2018-05-16

ආරියරත්න ගනේගොඩ

අවශ්‍ය අවස්ථාවේදී තමන් සහාය දෙන ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් කරන බව පසුගියදා ඇමැති ධුරවලින් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 16 කණ්ඩායම පවසති.

ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ චන්දිම වීරක්කොඩි මහතාගෙන් "මව්බිම" කළ විමසීමකදී කියා සිටියේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාද ජනාධිපතිවරණයට සුදුසු අපේක්ෂකයකු වන බවයි.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගිත්වය දරන වියත්මඟ සංවිධානයේ වාර්ෂික සමුළුවේදී කොළඹ ගාලුමුව‍ෙදාර ෂැංග්‍රිලා හෝටලයේදී පැවැති උත්සවයටද පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා සහභාගි වී ඇත. ඒ සම්බන්ධයෙන්ද "මව්බිම" කළ විමසුමකදී වීරක්කොඩි මහතා කීවේ, ඒක රහසක් නොවෙයි. අපි රටේ අනාගතය වෙනුවෙන් සැලසුම් සකස් කරන යෝජනා, අදහස් ඉදිරිපත් වන මණ්ඩලයට සහභාගි විය යුතුයි යන්නයි.

ආණ්ඩු විරෝධී එක්සත් ජාතික පක්ෂයේ හැමතැනකටම අපි සහභාගි වෙලා ඇහුම්කන් දෙමින් කටයුතු කරනවා යැයි චන්දිම වීරක්කොඩි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon